IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


දින හතරකදී ඇඳිරි නීතිය කැඩු 1754 ක් අත්අඩංගුවට

(මනෝප‍්‍රිය ගුණසේකර)

‘කොරෝනා’ වසංගතය පැතිරයෑම වැළැක්වීම සදහා පසුගිය 20 වැනිදා සිට පනවන ලද ඇදිරිනීතීය කඩකළ පුද්ගලයින් 1754 දෙනෙකු දිවයිනේ විවිධ පොලිස්ථානවලින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

පැතිර යන වසංගත රෝගයකින් ජන සමාජය ආරක්‍ෂාකර ගැනීම සදහා පසුගිය 20 වැනිදා සිට ඇදිරිනිතිය පනවන ලදි.

එලෙස පනවන ලද ඇදිරිනීතීය පසුගිය 23 වැනිදා උදෑසන 6.00 දක්වා බලපැවැත්වුණු දින හතරක කාලය තුළදී ඇදිරිනීතීය කඩකරමින් මංමාවත්වල නිකරුණේ ගැවසුණු හා වාහන වලින් ගමන්ගත් පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඇදිරිනීතීය කඩකරමින් වාහන වලින් ගමන් කිරීමේදී යතුරු පැදි, තී‍්‍රරෝද රථ, ඇතුළු වාහන 447 ක් අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වේ.

ඇදිරිනීතීය කඩකළ පුද්ගලයින් අදාළ පොලිස්බල ප‍්‍රදේශවල අධිකරණයන්ට ඉදිරිපත් කර නීතීමය ක‍්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය කටයුතු කරයි.

ඇදිරිනීතීය කඩකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ක‍්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්ව මත්පැන් පානය කළ පිරිසක්ද, බීමත්ව අශෝභන ලෙස හැසිරුණු පිරිසක්ද, වෙළදාම් කළ පිරිසක්ද සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.



අදහස් (3)

දින හතරකදී ඇඳිරි නීතිය කැඩු 1754 ක් අත්අඩංගුවට

Raveendra Monday, 23 March 2020 07:20 AM

මෙවන් අවදානම් අවස්ථාවක කිසිදු වගකීමක් නැතිව ක්‍රියා කල මෙම නිවටයන්ගෙන් රටට ඵලදායි වැඩක් ගැනීමට අදාළ අංශවලට ඥානය පහල වේවා !!

:       0       15

කසුන් Monday, 23 March 2020 07:42 AM

ගෙවල්වලට වෙලා ඉන්න බැරි හැටි හැබෑට...

:       0       4

ravi Monday, 23 March 2020 09:37 AM

ඇඳිරිනීතිය කඩකරන කුඩු / මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන්ට .. දෙන දඬුවම මොකද්ද ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site