(ශාන්ත සෙනෙවිරත්න)
'එදා බඩුමිල ඉහළ ගියාම දැන් සැපද කියලා අහපු නායකයෝ අද ඒ ගැන කතා කරන්නේ නෑ. නොමිලේ බඩු මල්ලත් දෙනවා කිව්ව ආණ්ඩුව අපි දුන්න පෝෂණ මල්ලත් නවත්වලා' යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
‘අපේ කාලේ බඩු මිල ඉහළ ගිය අවස්ථාවල ආණ්ඩුවට එය පාලනය කරන්න බෑ කියලා දොස් කිව්වා. ජීවන වියදම ඉහළ ගිහින් ජනතාව ජිවත්වෙන්නේ අමාරුවෙන් කිව්වා. වේදිකාවල අපිට බැන්නා. එළවලු මලු පෙන්නුවා. මේ ආණ්ඩුව යටතේ තත්වය එයයි.’
‘නමුත් අපි කිසිවිටෙක දැන් සැපද කියලා අහන්නේ නෑ නමුත් බඩු අඩු කලා නම් බඩු මිල අඩුවෙන්න ඕනෑ. අපි දුන්න සහනාධාර ජනතාවට අහිමි කරලා තිබෙනවා. සියල්ල ප්‍රෝඩාකාරි විදියට වෙනවා. ආඛ්ඩුව එය පාලනය කරන්න අසමත් වෙලා තිබෙනවා’ යැයි මන්ත්‍රීවරයා පැවසීය.
ඡායාරූපය - චතුර එස් කොඩිකාර

2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘දැන් සැපද කියලා අහපු අය අපි දුන්න පෝෂණ මල්ලත් නවත්තලා’
S.L..P.P. Perera Sunday, 16 February 2020 10:09 AM
ටකරන්, සිමෙන්ති කොට්ට, බඩු මළු නිකන් දීල මිනිස්සුන්ව හිගන්නෝ නිකොමෝ කරලා ඡන්දේ ඉල්ලපු කාලේ ඉවරයි, ගෝටාභය ජනාධිපති තුමා රටට වැඩක් කළහැකි පිරිසක් බිහිකරයි. පිනට කන්න ටික නිකන් ලැබෙන කල් ඉන්න වුන් නැතුව ඉදිරියේදී, යහපලානේ හිටියානම් සාදා කල් රටේම හිගන්නෝ වැඩිවෙනවා ඇරෙන්න පාලකයන් විතරක් රජ සැප විදියි, මේවා පේනකොට ඇහේ කටු අනිනවා වගේ ඇති, මේ ඡන්දෙන් පස්සේ තව අවුරුදු 25 කට විතර පස්සේ ඡන්දෙ ගැන හිතුවට ප්‍රශ්නයක් නැහැ,
kapSunday, 16 February 2020 11:52 AM
බලන් හිටපන් පෙරේරා රටට වැඩක් කරන පිරිසක් පත් වෙනකම්. හිටපු හොරුම තමයි එන්නේ . මෙච්චර දවස් වල පත් කරේ. උබල වගෙයි එවුන්ට පව්
saradiyelSunday, 16 February 2020 12:45 PM
ගෝඨාභය මහත්තයට නම් වැඩ කරන්න ඕන බව පෙනෙනවා ඒත් ඔය අලුතෙන් එනවා කියන කට්ටිය ලැබුන වෙලේ බලන්නේ මුල ඉඳලම කන්න.
saradiyel Sunday, 16 February 2020 10:46 AM
ඔව් අපට දැන් සැපයි. රටේ වෙන දේවලි දියා බැලුවාහම. ඔයාලගේ කාලේ ඉටත් වැඩියේ සැපයි.
සේන Sunday, 16 February 2020 11:43 AM
අරබියෙන් ජාතික ගිය කියලා කළු රෙද්දෙන් රටම වහන්න හීන මැවූ පටු අන්තවාදී පිශාචයින් ට තියෙන පිපාසය කුමක්දැයි නොදන්නා කිසිවෙකුත් මෙහි නැත.
Prase Sunday, 16 February 2020 12:39 PM
ඡන්දයෙන් පසුව ගෙදර යන්න සුදානම් වෙන්න.
සනත් වීරකෝන් Sunday, 16 February 2020 03:32 PM
මේ ආණ්ඩුවේ මුදල් ඇමති ජනවාරියේ සිට ක්‍රියාත්මක වෙන්න හදල තිබුණ රජයේ සේවකයින්ගේ පැන්ෂන් එකේ වැඩි වැඩි වීමත් අහෝසි කළා. රජයේ සේවකයින්ගේ 15% පඩි වැඩි වීමත් අහෝසි කළා.