(හැටන් රංජිත් රාජපක්ෂ)
දෙනුවර මැණිකේ දුම්රිය දිනපතා ධාවනයට එක් කරන බව දුම්රිය රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.
කොළඹ කොටුවේ සිට දිනක් හැර දිනක් ධාවනය වන දෙනුවර මැණිකේ නගරාසන්න දුම්රිය ලබන මස 02 වැනි දින සිට දිනපතා ධාවනයට එක් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ බැව් කියා සිටියේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා අද (18) දින ධාවනය වූ දෙනුවර මැණිකේ දුම්රිය අඩුපාඩුකම් සොයා බැලිම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා එම දුම්රියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කල අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියාසිටියේ දුම්රිය සේවය ගුණාත්මක ප්‍රවාහන සේවයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බවයි.
දුම්රිය ප්‍රවාහන සේවයට නව තාක්ෂණය යොදා ගනිමින් කටුනායක ගුවන් තොටුපලේ සිට දුම්රිය ප්‍රවේශ පතක් දෙස් විදෙස් සංචාරකයින්ට නිකුත් කිරිමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
සාමාන්‍ය මගියෙකු මෙන් කිසිවෙකුටත් නොදන්වා තමන් මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය..




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ තීරණයක් අනේ ඇමතිතුමා ඉස්සර 2002 - 2003 වගේ කාලේ මාතර ඉඳන් ත්‍රිකුණාමලය හා මඩකලපුව වෙත දුම්රියක් ධාවනය වුවත් පසුව එය නතර කරනු ලැබුවා. දැන් යුද්ධය අවසන් වී ඇතිනිසා සහ සංචාරකයන් බොහොමයක් දිවයිනට පැමිණෙන නිසා යළිත් බෙලිඅත්ත සිටම ත්‍රිකුණාමලය හා මඩකලපුව දක්වා සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමි.
හොරා පොලිස් වැඩේ... ඔයා අපේ ජනාධිපතිතුමාගෙන් කොපි කරානේ.... මීට කලිනුත් ඔයා ඇමතිකම් දරපු අමත්‍යංශවලට ඇයි ඔය අදහස පහළ නොවුනේ? අනුන් කරන කරන දේ නොකර තමනුත් අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න... රටට වැඩ ඇති.
මෙතුමා සාමාන්‍ය මගියෙක් ලෙස කාටවත් නොදන්වා දුම්රියේ ගමන් කලාලු. හැබැයි එතුමා හැටන්වලදී අදහස් දක්වන කොට මාධ්‍යවේදීන් ගණනාවක්ම හිටියලු. ලංකාවේ මාධ්‍යවේදීන්ට පරචිත්ත විජාණන ඥානය තියනවා කියලා හිතාගන්නවා මිසක් ගරු කටයුතු රාජ්‍ය ඇමතිවරුන් බොරු කියනවා කියලා එහෙම හිතාගන්න එපා...
ඇමතිතුමා පුලුවන්නම් නුවර වගේ ප්‍රදේශවලට භාණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදාගන්න බලන්න. රෑ එළිවෙනකම්ම දුම්රිය මාර්ග නිකන්නේ තියෙන්නේ... කඩුගන්නාව කන්ද නගින අපිනේ දන්නේ බැරිබර දාලා අදින ලොරි නිසා සිදුවන අපහසුතාවය...
දුම්රිය දැම්ම එක ගොඩක් හොඳ දෙයක්... ඒත් මේවා තලවාකැලේ වගේ පොඩි ස්ටේෂන් වලින් ටිකට් බුක්කරන්න පහසුකම් නැහැ. අපි ටිකට් ගන්න හැටන් එකට හරි, නානු ඔයට හරි වෙනම දවසක් දාගෙන හරි යන්න ඕනේ. ඒ නිසා මේ ගැටළුවටත් ඉක්මණින් විසඳුමක් දෙයි කියලා හිතනවා.
හොඳ දෙයක්, තියෙන ටික වෙලාවට යවන්න කටයුතු කරන්නකෝ. කාර්යාල දුම්රිය කීයක් වෙලාවට යනවද කියලා දන්නවද? අවම වශයෙන් උදෑසන කාර්යාල දුම්රිය නිකරුනේ ප්‍රමාද නොකර කාලසටහනේ වෙලාවට කොළඹ කොටුවට එනවා නම් ලොකුදෙයක්... හවසට ඉතින් ප්‍රමාද වුණත් ඉතින් ගෙදර යන්න නිසා අවුලක් නෑ කියලම කියන්න බැහැ. නමුත් ආරම්භයක් ලෙස උදෑසන ටිකවත් වෙලාවට එනවා නම් ලොකු දෙයක්...
අන්න එහෙම හොඳට සොයා බලන්න තමයි මහජනතාව ඡන්දය දුන්නේ, නව ජනාධිපතිතුමා ආදර්ශයට ගන්න. දුම්රිය අංගනවලටත් පනින්න හොඳ වැඩ බලාගන්න පුළුවන් කවරෝල් එකක් මැදගෙන මජන් ගාගෙන යන්න.
අලුත් දුම්රිය දාන්න කලින් තියෙන කර්යාල දුම්රිය වෙලාවට යවන්න. හැමදාම පරක්කුයි.
අපිට වැරදුනු එක තැනක් මේක. මෙතන තියෙන අදහස් වලින් කවුද කතා කරලා තියෙන්නේ දුම්රියේ වේගය ගැන. එතන තමයි මම හිතන්නේ ප්‍රධාන ගැටලුව තියෙන්නේ. ගොඩක් රටවල් මේ වෙනකොට පැයට කිලෝමීටර් 300-400ක් වේගෙන් යනවා . අපිට තමයි 100ක් යන්න බැරිවෙලා තියෙන්නේ...
කොහොමද ඒක උනේ? මේ සේරම පොරවල්.......
කවුරු කරත් හොඳ දේවල් අගය කරනවා. එත් අපේ රටේ දේශපාලකයන්ට වෙලා තියෙන්නේ බලය ලැබුනාම මේවා අපේ රාජකාරිය, ජනතාව සතු දේපොළ කියලා අමතක වෙලා තමන්ගේ බුදලේ කියල හිතාගෙන අයිතිකාරයෝ වගේ වැඩ කරන්න යනවා. ඒක බොහෝ නොදියුණු රටවල් වල දකින්නට ලැබෙන දෙයක්. නමුත් වෙන්න ඕනේ රාජ්‍ය ප්‍රතිපත්ති නිසි සැලසුම් අනුව ක්‍රියාත්මක කරන එක මිසක් තමන් කෝච්චියේ නැගගෙන යන්නයි, මුහුදේ පීනන්න යන්නයි, ආර්.එම්. වී. එක අස්සේ යන එකයි නෙමෙයි. යම් තැනක නිසියාකාරව වැඩක් වෙන්නේ නැත්නම් එතන බරපතල ලෙසම රාජ්‍ය පරිපාලනයේ ගැටළුවක් තියෙන බව තේරුම් ගන්න එක රොකට් සයන්ස් එකක් නෙමේනේ. පසුගිය කාල වකවානුව තුළ මොන තරම් උපාධිධාරීන් අපි බිහි කළාද? රාජ්‍ය පරිපාලන නිලධාරින් බිහි කළාද? මොන තරම් ප්‍රත්පත්ති සැලසුම් නිලධාරින් බිහි කළාද? ඒ වගේම සංවර්ධන නිලධාරින්, අර නිලධාරින්, මේ නිලධාරින් කියා කියා කට්ටිය ඉන්නවද? බලාගෙන ගියාම මේ කාගෙන්වත් වැඩක් නෑනේ. හැමදේම කරන්නේ අට පාස් දේශපාලකයෝ නම් ඒ වගේ රටකට දෙයියන්ගේම පිහිටයි. අනික බලන්නකෝ මේ දුම්රිය ස්ථානයේ වේදිකාව සහ දුම්රිය අතර පරතරය ? අබාධිත හෝ බඩදරු අම්මෙකුට, ඇවිදින්න අමාරුයි.
කෝච්චියේ යන්න ටිකට් ගත්තේ කොහොමද දන්නේ නෑ ? ඒයාර් පොර්ට් එකේ ඉඳන් කෝච්ච් ටිකට් ගත්තයි කියල ඇති වැඩේ මොකක්ද සති තුනටම එකපාර බුක් වෙලානම්............ හිතන් ඉන්නේ සුද්දෝ ලංකාවේ මාස ගණන් ඉන්න එනවයි කියලා. සුද්දොන්ට ටිකට් ගන්න ඕනේ නම් ඔන්ලයින් බූක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.
මගියොත් දැනගන්න ඕනේ කෝච්චිය මැද තියෙන පෙට්ටිවලට විතරක් නගින්නේ නැතුව ටිකක් ඉස්සරහට පස්සට ගිහිල්ලා නගින්න. ස්ටේෂන් එකේ අවුල් වුන තැනයි කෝච්චියේ නැගපු තැනයි කණු වගේ හිටගෙනම යනවා. එතකොට ගාර්ඩ් ට ඉක්මනින් කොඩි වනන්න බැරි වෙනවා. නිරපරාදේ කාලය යනවා. වරදක් අපෙත් තියනවා.
මිනිස්සුන්ට අන්තර් ජාලයෙන් ටිකට් එක බුක් කරන්න ක්‍රමයක් හදන්න... විශේෂයෙන් දුර ගමන් වලට... අපේ රටේ දුරකතන සමාගම් මේක වවන් කන්න... මිනිස්සුන්ට තමන්ගේ කාඩ්පත් වලින් මේක කරන්න.
සහසර වගේ ගෙවීම් කාඩ්පතක් නිකුත් කළොත් කොතරම් පහසුවක්ද. ටිකට් කවුන්ටර වල ඉන්න අයගේ ගනන් බලන එක තමා අමාරු ....