IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දඬුවම ලිහිල් කරන්නැයි කංජිපානිගෙන් ඇපෑලක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තමන්ට මහාධිකරණයෙන් ලබාදුන් දඬුවම දැඩි බව පෙන්වා දෙන ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා එම දඬුවම ලිහිල් කරන්නැයි අභියාචනයකරණයට ඇපෑලක් අද (4) ඉදිරිපත් කළේය.

නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා මගින් එම ඇපෑල ඉදිරිපත් කළ කංජිපානි ඉම්රාන් නමැත්තා එම ඇපෑල අභියාචනයකරණයට යොමු කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණය බාරදුන්නේය.

කංසා ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාව මත කංජිපානි ඉම්රාන් නමැත්තාට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා නඟා තිබු අතර එම චෝදනාවන්ට වරද පිළිගත් ඔහුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 6 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා නඩු පවරා තිබු අතර එම චෝදනාවන්ගෙන් එක් චෝදනාවකට වසර 03 බැගින් චෝදනා දෙකට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම වෙන වෙනම ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමටද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.

2013 සැප්තැම්බර් මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මාලිගාවත්තේදී නීත්‍යානුකූල බලපත‍්‍රයක් නොමැතිව කංසා කිලෝ 05 ග්‍රෑම් 300 ක් ළඟ තබාගැනීම හා එම කංසා ප‍්‍රමාණය ජාවාරම් කිරීම යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.

 



අදහස් (6)

දඬුවම ලිහිල් කරන්නැයි කංජිපානිගෙන් ඇපෑලක්

Akila Wednesday, 04 September 2019 08:23 AM

මේකත් ප්ලෑන් එකේම කොටසක්, අනිත් අපරාධ කිසිවක් නැතිව ගංජා ලඟතබා ගත්තා කියලා විතරක් චෝදනා ඉදිරිපත් කරලා ටික කාලෙකට හිරේ යැව්වා.. දැන් එකත් ලිහිල් කරයි.

:       0       0

රවින් Wednesday, 04 September 2019 10:09 AM

දඬුවම මදි කියලා වෙන්නැති ඇපෑල් කරන්නේ. කෙලින්ම එල්ලුම්ගහට යව්වානම් තමා හරි. නඩු ගොඩ ගැහෙන එක අහන්න දෙයක්ද? ඇපෑල ඉවර වෙනකම් තව කොපමණ අපරාද කරයිද? සමහර අයගේ සාක්කු නම් පිරෙයි. ඒත් ඉතින් නැතිවන ජිවිත ගණන.. පවුල් ගණන? අකමැත්තෙන් වුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කළයුත්තේ මෙවැනි අවස්ථාවලදී තමයි. එලෙසම පොළව නුහුලන අපරාධකාරයින්ව සල්ලි වලට නිවැරදි කරන්න හදන අයවත් එල්ලා මැරිය යුතුමයි.

:       0       0

rim Wednesday, 04 September 2019 10:19 AM

නියම බඩුවක් ඕයි...

:       0       35

Amila Wednesday, 04 September 2019 11:14 AM

අර ලේකම් ඉල්ලුවා නම් පැනලා දේවි..

:       0       51

Hafeel Wednesday, 04 September 2019 11:27 AM

මෙයත් මේ රටේ දේශපාලකයන් වගේ...

:       0       37

Mahee Wednesday, 04 September 2019 12:09 PM

මේ අහිංසකයාට විශාල අපහාසයක් කරලා තියෙන්නේ. මෙච්චර දේවල් තියෙද්දී කෙහෙල්මල් කංසා වගේකටනේ නඩු දාලා තියෙන්නේ. මං නම් කියන්නේ අැපෑලක් ඉදිරිපත් කළ යුතුව තිබුනේ තත්වය බාල කරන අන්දමේ තුට්ටු දෙකේ නඩුවක් දැමීම ගැනයි.

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site