IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුක්ගන්නාරාළගේ කාර්යාලය සඳුදා විවෘත කෙරෙයි

(නාලක සංජීව දහනායක)

වත්මන් රජය යටතේ පළිගැනීමට ලක්වූ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් සිදුකර ඇති වංචා හා දූෂණ, නීතිවිරෝධී ක‍්‍රියා හා දේශපාලන පළිගැනීම් පිළිබඳව මහජනතාවට පැමිණිලි කිරීමට ආරම්භ කෙරෙන දුක්ගන්නාරාළගේ කාර්යාලය සඳුදා (3) වැනිදා කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී විවෘත කිරීමට නියමිතය.

විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම දුක්ගන්නාරාළගේ කාර්යාලය ආරම්භ කරන අතර විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම කාර්යාලය ක‍්‍රියාත්මක වේ.

ඒ අනුව සතියේ සෑම දිනකදීම පෙරවරු 9.00 සිට පස්වරු 12.00 දක්වා මෙම කාර්යාලය මහජනතාව වෙනුවෙන් විවෘතව පවතී.

තමන්ට සිදුව ඇති  ඕනෑම අසාධාරණයක්, වංචා හා දූෂණ හෝ මූල්‍ය අක‍්‍රමිකතාවයන් ඇතුළු සියලුම අකටයුතුකම් පිළිබඳව මෙම කාර්යාලයට පැමිණිලි කරන මෙන් විපක්‍ෂනායකවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    



අදහස් (3)

දුක්ගන්නාරාළගේ කාර්යාලය සඳුදා විවෘත කෙරෙයි

මහකන්දේ විජිතසිරි හිමි Thursday, 30 May 2019 11:19 AM

මම බුදුදහම උගන්වන ගුරුවරයෙක් වශයෙන් 2012 සිට 2015 දක්වා පාසල්වල ගුරුවරයෙක් ලෙස සේවය ක‍ළෙමි. නමුත් යහපාලන රජය පත්වූ 2015 වසරේ සිට අද දක්වා වසර 4ක සේවා ස්ථානයක් හෝ වැටුප් නොදෙමින් යහපාලන රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ පළිගැනීමට ලක්වූ ගුරු ස්වාමීන් වහන්සේ නමක් වෙමි. හේතුව මාගේ පත්වීම් ලිපියේ සඳහන් නාරාහේන්පිට අභයාරාමය ලිපිනයයි. බුදුදහමට මෙතරම් වෛර කරන ආණ්ඩුවක් තුළ රට මේ තරමින් හෝ ආරක්ෂා වීම පුදුමයක්...

:       0       0

Deepal Thursday, 30 May 2019 11:21 AM

අපේ සියලුම අයිතිවාසිකම් නැතිකිරීම නිසා අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. ඔය හොරු ටික එළවලා දෙන්න බැරිද?

:       0       0

nalin Thursday, 30 May 2019 11:42 AM

ඔය දුක්ගන්නා රාළට මහින්දගේ කාලේ වූ අසාධාරණ, වංචා හා දූෂණ ගැනත් කියන්නට පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 977 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site