IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


තහනම් හක්බෙල්ලන් රේගුවේ හිරවේ

(යොහාන් භාසුර)

අපනයනය තහනම් කර ඇති හක්බෙල්ලන් 21000 කට අධික තොගයක් ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

පුත්තලම ප්‍රදේශයේ සමාගමක් මෙම හක් බෙල්ලන් තොගය බහාලුමක් තුළ සුක්ෂම ලෙස සඟවා අපනයනය කිරීමට සූදානම් කර තිබූ බවත් බුද්ධි තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

ඒ අනුව දින දෙකක් තුළ කර පරීක්ෂාවේදී අපනයනය තහනම් කර ඇති හක් බෙල්ලන් 21,480 ක තොගයක් සොයා ගැනීමට හැකි වූ බවත් හක්බෙල්ලන් 33680 ක් තුළ මෙම තහනම් කළ හක්බෙල්ලන් තොගය සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ටර්බිනේල්ලා පයිරම් (Turbinella Pyrum) විශේෂයට අයත් වන හක් බෙල්ලන් 20,000 ක් ඉන්දියාවට අපනයනය කරන බවට මෙම අපනයනකරු රේගු ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබුණු බවත් ඒ සඳහා අපනයනකරු ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වලංගු අපනයන බලපත්‍රයක් ද රේගුවට ඉදිරිපත් කර තිබූ බවත් රේගුව පවසයි.

හක් බෙල්ලන් 33,680 තුළ අපනයනය තහනම් කර තිබෙන විෂ්කම්භය මිලිමීටර 70 ට වඩා අඩු හක් බෙල්ලන් 21,480 ක් සඟවා තිබූ බවත් රේගුව කියයි.

වර්ෂ 2003 අංක 1298/1 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව පනවා ඇති හක් බෙල්ලන් පිළිබඳ ධීවර කළමනාකරණ සහ අපනයන නියෝග වලට අනුව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද අපනයන බලපත්‍රයක අධිකාරිය යටතේ හැර කිසියම් තැනැත්තෙකුට ශ්‍රී ලංකාවෙන් හක් බෙල්ලන් අපනයනය කළ නොහැක.

එම නියෝගය අනුව විෂ්කම්භය මිලි මීටර 70 ට වඩා අඩු හක් බෙල්ලන් කිසිම තැනැත්තෙකු සන්තකයේ තබා ගැනීම, මිලදී ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, විකිණීම, ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකය මෙම හක් බෙල්ලන් තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.



අදහස් (0)

තහනම් හක්බෙල්ලන් රේගුවේ හිරවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 492 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 469 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site