IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට

රොමේෂ් මධුෂංඛ

                     

නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බව තොරතුරු ලැබී ඇතැයි යාපනය පොලිසිය පවසයි.

ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිත අතර පහත දැක්වෙන ස්ථානයන්හි සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

‘යාපනය උදයන් පුවත්පත් කාර්යාලය, කෝපායි 51 වැනි බලසේනා මූලස්ථානය ඉදිරිපිට, කයිට්ස් සාඩි මුහුදු වෙරලේ, යාපනය සරසවියේ, කොණ්ඩාවිල් කාලි කොවිලේ, නල්ලූර් කෝවිල ඉදිරිපිට, චුන්නාකම්හි පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ, පාසූර්හි, ඡාවකච්චේරි අරුන්දව බාලන් නැමත්තාගේ නිවස ඉදිරිපිට, චාවකච්චේරි බස්නැවතුම්පලේ, වඩුක්කොඩ්ඩෙයි අම්මාන් හින්දු කෝවිලේ, යාපනය මාටින් මාර්ගයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපිට, කොඩිකාමම් 15 වැනි ගජබා රෙජිමේන්තු කඳවුර ඉදිරිපිට, මාල්තේරු මාර්ගයේ , වඩුක්කොඩ්ඩෙයි අම්මාන් කෝවිලේ, චාවකච්ඡේරි මුනාවිල්හි, කොණ්ඩාවිල් දුම්රියපොළ ඉදිරිපිට, යාපනය මහරෝහලේ, මාණිප්පායි නවාලි සෙන් පීටස් පල්ලියේ, මාණිප්පායි සුදුමලෙයි ප්‍රදේශයේ, යාපනය කුලප්පිඩ්ඩි මංසන්ධියේ දී, වඩුක්කොඩ්ඩෙයි සුබ්‍රා ඇතුළු ප්‍රදේශයන්හි මෙසේ මහවිරු වැඩසටහන් සංවිධානය කර ඇත.

මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා  පැවසුවේ හෙට (27) සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී අධිකරණ නියෝගයන්ට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හෝ ධජය හෝ රැවක් යොදා නොගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීමට සූදානමින් සිටින බවයි.

කෝපායි පොලීසිය විසින් මහවිරු සැමරුම් සිදු කිරීමේදී මහජන සාමයට බාධා වන අයුරින් සිදු කරන සැමරුම් තහනම් කරන අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝග කර සිටියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ඇති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම් හෝ එම සංවිධානයට අයත් ධජය හෝ එම සංවිධානයේ සාමාජිකයින්ගේ රුව යොදා ගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් බවයි.

මේ අනුව යාපනය පොලීසිය ද හෙට දිනයේ දී සිදු කෙරෙන මහවිරු සැමරුම් සියල්ලක්ම පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආරක්ෂාව ද තර කර තිබේ.



අදහස් (6)

තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට

diivia Monday, 26 November 2018 12:50 PM

අත්අඩංගුවට ගත යුතුයි...

:       1       122

Dr.sagara Monday, 26 November 2018 01:16 PM

සිංහයෙක් ආවම කොටි කුඩුවේ...

:       23       55

shan saudi Monday, 26 November 2018 02:02 PM

දැන් කෝ කොටින් එනවා කියපු පාදඩ රැල අන්දවාගෙන දැන් ඉන්නේ නැට්ට පස්සේ ගහගෙන... මහරජට ලැජ්ජා නැද්ද? කෝ දැන් වීරවංස ගොළුවෙලාද?

:       301       300

sahanMonday, 26 November 2018 02:39 PM

මේවා යහපාලන කාලේදී ඔඩු දුවපු තුවාල... මහරජාට බහුතරේ දෙන්නේ නැත්තේ මෙයාලා තමයි... පොඩ්ඩක් ඉවසලා ඉන්න. සැමරුම් උත්සව මොනවටද?

:       286       258

sandy123 Monday, 26 November 2018 03:17 PM

ජනාධිපතිට ජය වේවා... මහරජාට ජය වේවා... සිරස, හිරු, දෙරණ, ජාතික රුපවාහිණිය, ස්වාධින රුපවාහිණියට ජය වේවා.!!!

:       0       18

ධනුෂ්ක Tuesday, 27 November 2018 05:25 AM

ඩොලරය ඉහළ යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site