(එම්. කේ නන්දසේන)
තිස්සමහාරාම ඇල්ලගල වාරි පද්ධතිය යටතේ වගාකර ඇති කුඹුරු අක්කර 4000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි අරඹගේ මහතා පැවසීය.
දින කීපයක් තිස්සේ ධාරාණිපාත වැසි පතිතවීමත්, ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමත්, තිස්ස වැව, යෝධවැව, පන්නෙගමුව වැව, වීරවිල යනාදී වැව් දැමීමත් හේතුවෙන් මෙම විනාශය සිදුවු බව ඒ මහතා සඳහන් කළේය. වැඩිම හානිය සිදුවූයේ යෝධවැව හා වීරවිල යටතේ ඇති කුඹුරු යායවල් දෙකට බවද ඔහු කීය.
කුඹුරු වැපිරීමට අවශ්‍ය බිත්තර වී සොයා ගැනීමට නොහැකි වු බවත්, වගකිවයුතු ආයතන ඒ සඳහා මැදිහත් නොවු බවත්, මෝල් තුළ කෙටීමට සූදානම් කර තිබූ වී පවා වැඩි මිලට ලබාගෙන බිත්තර වී ලෙස යොදාගත් බවත් ගොවි ලේකම්වරයා පෙන්වාදෙයි. මෙම කුඹුරු නැවත වගා කිරීමට සිදුවී ඇති අතර ඒ සඳහා බිත්තර වී ඇතුළු සහන අත්‍යවශ්‍ය බවත් ගොවි ලේකම්වරයා අනාවරණය කළේය.
මීට අමතරව ලුණුගම්වෙහෙර දකුණු ඉවුර යටතේ ඇති කුඹුරු යායවල පවා ඇළ වේලි කැඩී බිඳීගොස් පැළ ගොයමට බරපතල අලාභ හානි සිදුවී ඇති බවද හෙතෙම කියාසිටියේය.
2025 දෙසැම්බර් මස 04
615
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
518
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තිස්සමහාරාම ඇල්ලගල කුඹුරු අක්කර 4000ක් වැස්සෙන් විනාශයි