IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තවුහිත් ජමාත් සංවිධානයේ 2 ක් ආමර් වීදියේදී අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

තවුහිත් ජමාත් සංවිධානයේ මතවාදය ප්‍රචාරණය කිරීම සඳහා  සකසා තිබූ සංයුක්ත තැටි තුනක්,විදේශ ගමන් බලපත්‍ර පහක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ආමර් වීදිය පොලිසිය පවසයි.

ආමර් වීදියේ මහල් නිවාස සංකීර්ණයේ සැක කටයුතු පුද්ගලයින් රැඳී සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් නිවස පරීක්ෂා කිරීමේදී සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව නිවසේ   සඟවා තිබියදී තවුහිත් ජමාද් සංවිධානයේ මතවාදය ඇතුළත් සංයුක්ත තැටි තුනක් , ටැබ් පරිඝනකයක් ,ජංගම දුරකථන 12,විදේශ ගමන් බලපත්‍ර 05, සොයා ගැනීමට හැකි වූ බව කියයි.

මෙම විදේශ ගමන් බලපත්‍ර දෙකක් කාන්තාවන්ගෙ නමටද තුනක් පිරිමි පුද්ගලයින්ගේ නමටද නිකුත් කර ඇති අතර ඉන් දෙකක් අත්අඩංගුවට ගත් සැකකරුගේ නමට නිකුත් කර ඇති බවද පැවසේ.

පොලිස් භාරයට ගත් ජංගම දුරකථන දෙකේ තව්හිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකරකම් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළත්ව තිබූ බව පොලිසිය කියයි.

මොහොමඩ් සහරාන් නැමැත්තා මීට මාසයකට පෙර මෙම නිවසට පැමිණ ගොස් ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (0)

තවුහිත් ජමාත් සංවිධානයේ 2 ක් ආමර් වීදියේදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site