(හර්ෂණ තුෂාර සිල්වා සහ සුජිත් හේවාජුලිගේ)
මෙතෙක් කටයුතු කළ අයුරින් ඉවසීමෙන් හා බුද්ධිමත් ලෙස කටයුතු කරන්නැයි සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළම අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.
මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් අගරදගුරුතුමෝ මෙසේ ද පැවැසූහ.
“මීගමුව පෝරුතොට ප්‍රදේශයේ ඇති වූ සුළු බහින් බස් වීමක් අළලා කණ්ඩායම් දෙකක් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන එය අරගලයක තත්ත්වයට හැරුණා. එය පාලනය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණා. මේ තත්ත්වය උග්‍ර වෙන්නට නොදී පාලනය කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ අදාළ අංශවලින් අපි ඉල්ලා සිටියා.
මෙතෙක් කටයුතු කළා මෙන් බුද්ධිමත්ව කටයුතු කරන්නැයි කතෝලික සැදැහැවතුන්ගෙන්, කතෝලික හා ක්‍රිස්තියානි සියලු පාර්ශවවලින්, ඒ වගේම මා ආදරණීය සහ හිතවත් බොදුණු, මුස්ලිම් සහ හින්දු ජනතාවගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි මෙච්චර දවසක් ඉවසීමෙන්, බුද්ධිමත්ව සහ ඥානාන්විතව කටයුතු කළා. ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්නැයි කියා.
එක එක අයගේ ප්‍රකෝප කිරීම්වලට කලබල නොවී විශේෂයෙන්ම මුස්ලිම් සහෝදරයන් සමඟ ඉවසීමෙන් හා සමගියෙන් කටයුතු කරන්නැයි මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
පසුගිය සමයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ විපත ආයුධයක් කරගන්න එපා. තව තවත් මේ රටේ ගිනි අවුළුවන්න එය ආයුධයක් කරගන්න එපා. ඉවසීමෙන්, සුහදව සහ එකිනෙකා ආරක්ෂා කරගැනීමේ පිළිවෙත අනුගමනය කරන්න. මියගිය සහ තුවාල ලැබූ අයට කරන ගෞරවයක් ලෙස ඉවසීමෙන් කටයුතු කරන්න.
ප්‍රකෝපකාරී අදහස් වපුරුවමින් බොරු ආරංචි පතුරුවමින් ජනතාව කුපිත කරන ඇතැම් ෆේස්බුක් පේජ්වලට ඉඩ දෙන්න එපා. සමාජ මාධ්‍යවල වගකීමෙන් හැසිරෙන්න. වගකීමෙන් යුතුව තමන්ගේ කොටස ඉටු කරන්න. තමන් නොදන්න දේවල් ලියන්න කියන්න යන්න එපා.‘ යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික නායකයන් ,දේශපාලන නායකයන් කියනව මේ මොහොතේ සාමකාමිව හැසිරෙන්න කියලා, මම සියලුම රටවැසියන්ගෙන් ඉල්ලන්නේ දියවන්නාව ආක්‍රමණය කරමු.
පැරණි රජ දවසේ අර ජයසේන රජතුමා මොකාටද ඵක රැයක් නවතින්න දීල කරගත්ත වැඩේනේ මේ..
කාදිනල්තුමනි, ඉවසීමටත් සීමාවක් තිබෙනවා. කරපු ඉවසීමේ ප්‍රතිඵල නේද දැන් භුක්ති විඳින්නේ..? නියපොත්තෙන් කඩන්න තිබුණු දේ කඩුවේ නැහැ. ඔබතුමන්ලාත් සංහිඳියාව පිළිපැද්දා. අපි අතලොස්සක් දැනගෙන සිටියා වෙන්නේ මොකක්ද කියලා. අපිව පාදඩ සිංහලයින්ම ජාතිවාදීන් කියන මාක්ස්වාදී නම්බු නාමය දුන්නා. ඇත්තෙන්ම අපිට අයිති ජාතිහිතෛෂී කියන නමයි. මේ ත්‍රස්තවාදය නොතිබුණත් මෙරට තව අවුරුදු 400ක් අනිවාර්යයෙන්ම මුස්ලිම් රටක් වෙනවා. ඒ ඔවුන් අපේ දරුවන්ගේ සම්පත්වලින් ඔවුන්ගේ දරුවන් බුරුතු ගණන් උත්පාදනය කරන නිසා... එක්කෝ සිංහලයාත් බුරුතු ගණන් උත්පාදනය කරන්න ඕනේ නැතිනම් ඔවුන්ගේ උප්පත්තිය සීමා කරන්න ඕනේ...
උන්වහන්සේගේ අගනා හඬට කන් දෙන්න.. අප ඉතා ඉවසිල්ලෙන් කටයුතු කළයුතුයි. නැතිනම් අප රට ජාතියට තවත් ප්‍රශ්න වැලකට මුහුණ දීමට සිදුවන බව මතක තබාගෙන කටයුතු කරමු. අප සැමගේ පොදු සතුරා ත්‍රස්තවාදියයි. එය පැරදවීමට අප සියළු දෙනා එක් විය යුතුයි. සමහර අයට අවශ්‍ය ගැටුම් අැති කරවීමයි. නමුත් අප කල්පනාවෙන් බුද්ධියෙන් මෙයට මුහුණ දෙමු. රජයට වුවමනාවක් නැහැ මෙවන් අවසනාවන්ත දේ වැළැක්වීමට. ඔවුන් කරන කථා කරන දෙවල්වලින් ජාතීන් අතර අසමගිය පතුරුවනවා...
කාදිනල් තුමාගේ වදනට සවන් දී ඉවසීමෙන් කටයුතු කරන්න. නීතිය අතට ගන්න එපා. අසල්වසීයාටත් ප්‍රේම කරන්න. දේවියන් අපට සාදාරණයක් අනිවාර්යෙන්ම ඉටුකරයි. ප්‍රකෝප වී අන් අයට ආයුදයක් වෙන්නට එපා. නියම කතෝලිකයකු බව ලොවට විදහපාන්න. අන් අයගේ හැගීම් වලට ගරු කරන්න. සැක කටයුතු දෙයක් නම් ළඟම පොලිසියට හා මීසමේ පියතුමන්ට දැනුම දෙන්න. කලබල වෙන්න එපා අසත්‍ය ප්‍රචාරය කරන්නත් එපා. කාදිනල් තුමාගේ වදනට අවනත වන්න.
කාදිනල් තුමාගේ වදනට සවන් දී ඉවසීමෙන් කටයුතු කරන්න. නීතිය අතට ගන්න එපා. අසල්වසීයාටත් ප්‍රේම කරන්න. දේවියන් අපට සාදාරණයක් අනිවාර්යෙන්ම ඉටුකරයි. ප්‍රකෝප වී අන් අයට ආයුදයක් වෙන්නට එපා. නියම කතෝලිකයකු බව ලොවට විදහපාන්න. අන් අයගේ හැගීම් වලට ගරු කරන්න. සැක කටයුතු දෙයක් නම් ළඟම පොලිසියට හා මීසමේ පියතුමන්ට දැනුම දෙන්න. කලබල වෙන්න එපා අසත්‍ය ප්‍රචාරය කරන්නත් එපා. කාදිනල් තුමාගේ වදනට අවනත වන්න.
පාරෙ යන මිනිස්සුන්ට ගහල මේ ප්‍රශ්නෙ විසදන්න බෑ කියන එක ඇත්ත තමයි. අනික මේක මේ අද ඊයෙ ඇතිවෙච්ච ප්‍රශ්ණයක් නෙමෙයි. මුසල්මානු පල්ලි ඇතුලෙ අවුරුදු ගානක් තිස්සෙ කියන දෙයක්. නමුත් ලංකාවෙ ජාතික ප්‍රතිපත්තියක් නෑ මේව පාලනය කරන්න. දැන් සෝදිසි වලදි අනවසර අවි අයුධ, පුපුරන ද්‍රව්‍ය ලංකාව හැමතැනම මුස්ලිම් ජාතිකයො තමයි අහුවෙන්නෙ, ඒ මදිවට පල්ලි ඇතුලෙත් තියෙනව, පල්ලියෙ වත්තෙත් තියෙනව. මේක ඕනෑම මෝඩයෙකුට තේරෙනවනෙ, සේරම මුස්ලිම් මිනිස්සු ත්‍රස්තවාදීන් නොවෙන්න පුලුවන් නමුත් සියලු ත්‍රස්තවාදීන් මුසල්මානුවන්(මෑතකදී ) ඉතින් මේ මුසල්මානුවන් ගෙ කටයුතු සොයා බලා පාලනය කරන්නෙ නැතුව ඔය මොන කතා කීවත් වැඩක් නෑ. කාදිනල් තුමාගෙ ඉවසීම හා උපේක්ෂාව අගය කල යුතුයි.
කාදිනල්තුමා හරි. මේ වෙලාවෙ අපි ඉවසන්න ඕනේ. එහෙම නැති උනොත් අවාසිය අපටමයි වෙන්නේ. කොල්ලෝ ටික අල්ලලා නඩු දමාවි. නඩු අහලා අවුරුදු ගණනකට හිරේ දමාවි. ඉවසුවත් මේ වෙලාවෙ අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මොනාද අපි එහෙනම් කරන්න ඕනේ.අපි බෙදුනොත් පරාදයි. එකම රටක එකම නීතියක් වෙනුවෙන් අපි හඩක් නගන්න ඕනේ. දූෂිත, රට ජාතිය ගැන හැගීමක් නැති, දේශපාලුවන් අතුගාදමන්න ඕනේ අපිමයි.