IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට

(සුජිත් හේවාජුලිගේ  සහ කටුනායක ටී. කේ .ජී කපිල )

චීන රජය රජය පරිත්‍යාග කළ සයිනොෆාම්  එන්නත් මාත්‍රා තවත්  ලක්ෂ පහක් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට  ඊයේ  (26) අලුයම  පැමිණියේය.

මෙය චීන රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ දෙවෙනි එන්නත්  තොගයයි .

චීන රජය පළමු එන්නත් තොගය ලෙස මාත්‍රා ලක්ෂ හයක්  ශ්‍රී ලංකාවට  පරිත්‍යාග කළේ  පසුගිය මාර්තු මස 31 වැනිදාය.

චීනයේ බේජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  යු.එල් 869 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට පැමිණියේ ඊයේ අලුයම  12.20 ට පමණය .

මෙම එන්නත් තොගය බාර ගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ක්‍රීඩා අමාත්‍ය  නාමල් රාජපක්ෂ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ මහාචාර්ය චන්න ජයසුමන යන  මහත්වරුද ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.චෙන් හුන්ග් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ.

මේ අවස්ථාවේදී  අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවැසුවේ  කොරෝනා වසංගතය ට එරෙහිව සටන් කිරීමේදී අවශ්‍ය කෙරෙන බලවත්ම ආයුධය වන්නේ එක්සත් කම සහ සහයෝගීතාවය බවයි .

වසංගතය පරාජය කිරීමට ඇති එකම මැජික් විසඳුම  එන්නත්කරණය බවද ඔහු ප්‍රකාශ කළේය .

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා චීනය  සංවර්ධනයවෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආධාර මේ දක්වා  ලබාදී ඇති බවත් ලෝකයේ රටවල් 80කට එන්නත්  පරිත්‍යාග කර  ඇති බවත්   චීන තානාපතිවරයා  කීවේය.

චීනය සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉදිරි වසර තුනේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් වටිනා  වෛද්‍ය ආධාර පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව චී.චෙන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය  ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ දුෂ්කර අවස්ථාවේදී  ලබාදුන් සහයෝගය ගැන චීන රජයටත්  ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාටත් ස්තූතිය පළකරන බවයි.

මෙම එන්නත් තොගය ජනතාවට කඩිනමින් හා විධිමත්ව ලබා දීමට පියවර ගන්නා බවද ඇය සඳහන් කළාය .

 



අදහස් (2)

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට

Cisco Wednesday, 26 May 2021 10:06 AM

මේ එන්න මාර්තු මාසෙම ලංකාවෙ මිනිසුන්ටත් ගහගන්න ඉඩ දුන්න නම් මේ තරම් මිනිසුන් ප්‍රමාණයක් මැරෙන එක වලක්වගන්න තිබුනා. කොහෙද අර විද්වත් කමිටුවේ තාක්ෂණ වේදියයි පරාජිතයි දෙන්නම මේකට වගකියන්න ඕන.

:       1       42

WCA Wednesday, 26 May 2021 02:53 PM

පිනට එනකොට කියනවා තව මිලියන ගානක් ඔර්ඩර් කලා කියක. ඊලග පිනට තොගේ එනකොට කියනවා තව මිලියන ගානක් ඔර්ඩර් කලා කියලා. එතකොට ඔය කොම්පැනි පිනට දෙන ඒවා විතරද දෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site