
(රේඛා තරංගනී ෆොන්සේකා)
කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා දීර්ඝ සංචරණ සීමාකින් පසු පෙර දින සන්ධ්‍යාවේ ගල්කිස්ස සංචාරක වෙරළ තීරයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.
ඔවුන්ගෙන් බොහොමයක් දෙනා නිරෝධාන සෞඛ්‍ය නීතිය උල්ලංඝනය වන ආකාරයට මුඛ ආවරණ පවා පැලැඳ නොසිටිමින් මීටරයේ සීමාව ද අමතක කොට වෙරළතීරයේ විනෝද වූ අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
ගල්කිස්ස සංචාරක වෙරළත් තීරයේ වෙනත් කාලවලදී විදේශීය සංචාරකයින්ගෙන් පිරී යෑම සිදුවන නමුත් අද අපගේ කැමරා කාචයට හසු වූයේ එක් විදේශීය කාන්තාවක් පමණි




COMMENTS
ලංකාවේ මැරුණ කට්ටිය මදි ඇති. එකයි මෙ !
දැන් මේ ළමයි නේද අද ඉදන් ඉස්කෝලේ යන්නේ? ඉස්කෝලේ පන්ති අතර බබල් දාල හරියයි ද මෙහෙම රස්තියාදු ගහලා ?
මේ විවෘත ස්ථාන. එන්නත්කරණය සාර්ථකව යනවා. ඒ නිසා කාලයක් හිර වෙලා හිටි මිනිසුන් ටිකක් සැහැල්ලුවෙන් හිටපුදෙන්.
කොහොමත් යුරෝපයේ ප්‍රධාන රටවල, දැනට මාස 5ක් 6ක් තිස්සේ, විවෘත ස්ථාන වල, මුඛ ආවරන පැළඳීමත්, මීටර පරතරයත් අනිවාර්ය නැහැ..නිදහසේ ඉන්නවා
කැමති උනත් අකමැති උනත් කොරෝනා සමග අපිට තව කාලයක් ජීවත් වෙන්න වෙනවා. දැන් ඒක ජීවිතයේ කොටසක් විදියට පිළි අරගෙන, ජීවිතය ඉදිරියට ගෙනියන්න වෙනවා. හැමදාම ගෙවල් දොරවල් වහගෙන, ගෙවල් බිල්ලො වගේ මිනිස්සුන්ට ඉන්නද කියන්නේ!!! අපිටත් වඩා දරුණුවට කොරෝනාවෙන් බැටකාපු රටවලුත් දැන් සම්පූර්ණයෙන්ම විවෘත කරලා, මිනිස්සුන්ට සාමාන්‍ය පරිදි ජීවිතය ගෙනි යන්න ඉඩ දීලා තියෙන්නේ.
එන්නත් වලින් ලැබෙන ආරක්ෂව තියෙන්නේ මාස 4 කියල දැන් පර්යේෂණ වලින් පෙන්නලා තිබෙනවා , ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මුලින් එන්නත් කරපු අයගේ එන්නතින් ලැබුණු ඇන්ටිබොඩි එක දැන් ඉවරයි , ඒ ගොල්ලෝ දැන් අවධානමේ ඉන්නේ
ඊට පස්සේ ගොබ්බයො ටික හති වැටෙනකම් ජනපතිට බනී
ආණ්ඩුවට හරි වැඩ පිළිවෙලක් නෑ නේ කොරෝනා මර්ධනයට .සර් ෆේල්
නත්තලත් මේ විදිහටම ගිහින් ජනවාරි ඉදල ලොකු නිවාඩුවක් ගමු. සල්ලි තියෙන මිනිස්සුන්ට මේකේ ගැටළුවක් නැ. සාමාන්‍ය මද්යම පාන්තිකයාගේ සිට පහලට බලපෑම දරාගන්න අමාරු . ලෝකේ අපිට නිකන් කන්න දෙන්නේ නැ . අපි කන්න නම් අපි වැඩ කරන්න ඕන . ගෙවල් අස්සට වෙලා ඉදල කමෙන්ට් කර කර හිටියට බදු මිල බහිනේ නැ . ළමයි ගේ අධ්‍යාපනය ගැනවත් හිතල පරිස්සම් වෙන්න
නිදහසේ සිටින්නට කැමති ජනතාවක් සිටින අපේ රටේ ළමයින්ට අප දොස් නොකියමු ,නමුත් මේ උවදුර ඉතාමත්ම අවධානම් බව නිතරම සිහි තබා ගත යුතුය
මේක සත්වයන්ගේ ස්වභාවය .සත්වයන්ට පුදුම හැකියාවක් තියනවා පවතින තත්වයට අනුවර්තනය වෙන්න .මරුන එකා මැරුණා. ඉන්න එකා ඉනනවා