IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරයි

(රංජන් කස්තුරි)
 
තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය යටතේ ආයතන එම රාජ්‍ය ඇමැතිවරුන්ට පවරා ඇත.
 
ඒ අනුව නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති ගාමිණී ලොකුගේ මහතාට නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවරා දී තිබෙන අතර ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතාට පවරා ඇත්තේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව යන ආයතන වේ.
 
නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා යටතට පවරා ඇත්තේ නාගරික ජනවාස සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යන ආයතනයන්ය.



අදහස් (0)

තවත් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙකුට වගකීම් පවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 34 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site