(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද ජගත් වැල්ලවත්ත මහතාගේ යෝග්‍යතාව පරීක්ෂාකර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
වැල්ලවත්ත මහතා නම් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් එම ලිඛිත සන්දේශ මේ මස 28 වැනිදාට පෙර ලේකම්, උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
එසේ නැතිනම් ෆැක්ස් අංක 011-2777300 මගින් හෝ highpost [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ තොරතුරු දැනුම් දිය හැකිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.