
(අමදෝරු අමරජිව)
නැගෙනහිර මුහුදේ ගිනි ගන්නා ඉන්ධන නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් හා නාවික හමුදා නෞකා හතරක් ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් සමඟ වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් කටයුතු කරමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
නෞකාව තුළ බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 270,000ක් ඇති අතර එයට ගින්න පැතිර ගොස් නැති බවත් එම බොරතෙල් මුහුදට මිශ්‍ර විමක් සිදුවී නැති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) ටි.ශ්‍රීපති මහතා පැවසීය.
ගින්න හට ගන්නා අවස්ථාවේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් ඈතින් තිබූ නෞකාව මේ වනවිට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25ක් ගොඩබිම දෙසට වන්නට ඇදී ගොස් ඇති බව නාවික හමුදාව කියයි.
(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය විසිනි)

සබැඳි
වැඩිදුර සේයා රූ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිඳු මිනිසෙකුට, සතෙකුට හෝ පරිසරයට හානියක් සිදුනොවී තුණුරුවන්ගේ පිහිටාරක්ෂාවෙන් ඔය ගින්න නිවා ගැනීමට අපට හැකියාව ලැබේවා...!!!