IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තලංගම ව්‍යාපාරිකයෙක් මරා පුළුස්සලා

(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)

තලංගම තලාහේන ප‍්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්  ඝාතනය කර මාතලේ රත්තොට කැළයකදී පුලූස්සා දමා තිබියදී සොයාගත් බව  පොලීස් මූලස්ථානය පවසයි.

මෙම ව්‍යාපාරිකයා වැල්ලවාය ඇතිලිවැව ප‍්‍රදේශයේ සහ කොළඹ මාළඹේ ප‍්‍රදේශයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ (46) නමැත්තෙක ලෙස සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු තලංගම තලාහේන ප‍්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික පරික්ෂණවලින් අනාරවණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා කියයි.

මෙම ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අනුරාධපුර ප‍්‍රදේශයේ අත්හැර දමා තිබියදී පොලීසිය  සොයාගනු ලැබූ බවත් එම මෝටර් රථය තුළ තිබී තවත් ලිපිගොනු කිහිපයක් ද සොයා ගත් බව පොලීසිය පවසයි.

එම ව්‍යාපාරිකයාගේ මවට සහ පියාට මාතලේ මහ රෝහලට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවත් එහිදී ඔවුන්ගේ ලේ සාම්පල් ලබාගෙන ඒවා සහ මරණකරුගේ ලේ සාම්පල් සසදා ඞී එන් ඒ වාර්තාවක් කැදවීමට නියමිතව ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

 



අදහස් (0)

තලංගම ව්‍යාපාරිකයෙක් මරා පුළුස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site