(එම් .සුසිල් ප්‍රියන්ත)
බලපිටිය හීනටිය හංදියේ ප්‍රදේශයේ වැඩ අඩක් නිමවූ නිවසක අනාරක්ෂිත පළමු තට්ටුවේ සිට මිතුරන් පිරිසක් සමග මත් පැන් පානය කළ අයෙක් තට්ටුවෙන් වැටී මිය ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය හීනටිය පදිංචි දෙදරු පියෙකු වන පනස් පස් හැවිරිදි අශෝක කාරියවසම් නමැත්තෙක් බවද පොලීසිය කියයි.
මිය ගිය තැනැත්තා තවත් පිරිසක් සමග මේ නිවසේ අනාරක්ෂිත පළමු තට්ටුවේ සිට මත් පැන් පානය කොට ඇති බවත් වෙරිමතින් සිටි ඔහු එම තට්ටුවෙන් බිමට වැටි මරු මුවට පත්වී ඇති බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd