IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තොරතුරු අභියාචනවලින් සියයට 87කට කොමිසමෙන් ඉඩ

(බිඟුන් මේනක ගමගේ )

තොරතුරු දැනගැනීමේ කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87% කට අදාළ තොරතුරු නිකුත් කරන්නැයි එම කොමිසම නියෝග කර ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබේ.

තාක්ෂණය, මාධ්‍යය සහ විකාශන සන්නිවේදනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ඉන්දියානු නීතිවේදිනියක වන අශ්විනි නඩේෂන් වීරබාහු විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළිව ඇත.

නීතිවේදීනී අශ්විනි නඩේෂන් වීරබාහු මහත්මිය 2017 සිට 2019 දක්වා කාලයේ තොරතුරු කොමිසමට ඉදිරිපත් කළ අභියාචනා අධ්‍යයනය කිරීමෙන් මෙම අනාවරණය කර තිබේ.

එම අධ්‍යයනයට අනුව මධ්‍යම රජයේ පොදු අධිකාරින්ට එරෙහිව 783ක් ද පළාත් මට්ටමෙන් 259ක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් 142ක් ද අභියාචනා ඉදිරිපත් වී ඇත.

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ආයතනික විනිවිදභාවයට අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත් එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත් එම අධ්‍යයන වාර්තාවේ සඳහන්ව ඇත.



අදහස් (0)

තොරතුරු අභියාචනවලින් සියයට 87කට කොමිසමෙන් ඉඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site