
තායිලන්තයේ බැංකොක් නුවරට ඊසානදිග පිහිටි කොරාට් නගරයේදී පුද්ගලයන් 26 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ හමුදා සෙබළා ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි පහරකින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ, මේජර් ජකපනාත් තොම්මා නම් පුද්ගලයෙකි.
වෙඩි තැබීමෙන් 57දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.
ඊයේ(08) තායිලන්තයේ වෙළඳ සංකීර්ණයකදී සැකකරු එහි සිටි පිරිසට සිය ගිනි අවියෙන් වෙඩිතැබූ අතර, දිවි බේරාගැනීම සඳහා මිනිසුන් භීතියෙන් දිව යන ආකාරය සහිත වීඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබිණි.
බලධාරීන් පැවසුවේ මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි.

සැකකරු පළමුව එහි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර, පසුව සාප්පු සංකීර්ණය පුරා සිටි මිනිසුන්ට වෙඩි තබමින් ගමන්ගත් බව අනාවරණය වී ඇත.
මියගිය බහුතරය, වෙළඳ සංකීර්ණයෙන් පිටත, මෝටර් රථවල ගමන්කරමින් සිටි අය සහ මාර්ගයේ ගමන්ගනිමින් සිටි අය වෙති.
මධ්‍යම රාත්‍රියට පෙර එම ස්ථානයට පොලිසිය පැමිණ ආරක්ෂාව සපයා ඝාතකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඉන් පැය 16කට පසු වෙළඳ සංකීර්ණයෙන් පිටතදී මාධ්‍යයට අදහස් දක්වමින් ඝාතකයා පොලිසියේ වෙඩිපහරකින් මියගිය බව ඔවුහු පැවසූහ.
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරෙන්න කලින් ලංකාවට පැනලා ඇවිත් "දියවන්නාවට වැඩක්" දීලාම ගියා නම්.. අපේ ජාතික වීරයෙක්...!!!