(ක.ග.කරුණාරත්න)
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ හා ඊට ලබාදෙන නායකත්වය හේතුවෙන් එය අඩාල කිරීමට සහ තමන් විනාශ කිරීමට විශාල කුමන්ත‍්‍රණ තිබෙන බවත් ජීවිත තර්ජන පවා එල්ලවී ඇති බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන අද (02) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.
ඒ පිටුපස සිටින්නේ ඒවාට වියදම් කරන්නේ කුඩු ජාවාරම්කාරයින් බවද ජනාධිපතිවරයා කීය.
මත්ද්‍රව්‍ය සටන අඩපණ කරන්නට විශාල පිරිසක් අද උසාවි යන බවත් මානව හිමිකම් බාස්ලා හිරගෙදර ඉන්න මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගෙන තිබෙන බවත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
මත්කුඩු ජාවාරම්කාරයින් වෙනුනේ සමාජ මාධ්‍ය ජාලා විශාල වශයෙන් පෙනී සිටින බවත් ආණ්ඩුව, විපක්‍ෂය එන්. ජී.ඕ. සහ තවත් බොහෝ අය විශාල වශයෙන් පහර දෙන්නට පටන්ගෙන තිබෙන බවත් පැවැසීය.
ඉහළ දේශපාලන නායකයින් කෝටි ප‍්‍රකෝටි ගණන් හොරකම් මංකොල්ල දූෂණ කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පත්කළ ජනාධිපති කොමිසමේ වර්තාව අද (02) දිනයේ තමන්ට ලැබුණු බවත් එහි හොඳ හොඳ සෙල්ලම් තිබෙන බවත් පැවැසීය.
COMMENTS
කාගෙන්ද?
ජනාධිපති කොමිසන් වාර්තා කීයක් අතට පත්වුනදා එකක්වත් එලියට නම් ආවේ නැහැ. ඔය සියලුම ජනපති කොමිසන් වල හොඳ සෙල්ලම් තිබෙනවා නම් ඔය ඔක්කොම සෙල්ලම් දමා තිබෙන්නේ අහිංසක ජනතාව නොව ඡන්දය හොරකම්කරගෙන බලයට පත්වෙන දේසපාලකයෝමයි. ඔය කොමිසම සල්ලි විනාස කරන ජනතාව අන්දවන තනිකරම ප්‍රෝඩාවක් .
ඔබතුමා බලේට ආපු දවසේ ඉදන්ම කියන කතාවක්නේ ඔය කියන ජීවිත තර්ජන.
මෛත්රීපාල සිරිසේන මහතාට ලංකාවේ පලවෙනි ජනාධිපතිවරයා දෙන ලද තමුන්ගේ ආරක්ෂව තමුන් බලා ගන්නකියපු උපදේශය අමතක වෙලා නේද ?
හෙන වලින්ද?
ජනාධිපති තුමාගේ බොහොමයක් වැඩ ගැන මම එකඟ නැහැ. හැබැයි, මෙතෙන්දි නම් මම ඔබතුමා සමගයි. තමන්ගේ කකුලෙන් අදින ආණ්ඩුවක් එක්ක, සහයෝගයක් නොදෙන විපක්ෂයක් එක්ක, පතුරු ගහන එන් ජී ඕ කාරයොත් එක්ක හැප්පෙමින් යන මේ මත් ද්‍රව්‍ය විරෝධී සටනේදී ජාත්‍යන්තරයත් ඔබට විරුද්ධව අවි අතට ගනිද්දී තනිව සටනක් කරන්නට ඔබතුමාට සිදුවී ඇති බව අපට නම් පේනවා. එක නොතේරෙන අන්ධයෝ මෙතනත් අදහස් දාල තියෙනවා,
රටේ ආරක්ෂකව වෙනුවෙන් කැපවෙන නිසාද? නැත්නං 2015 දී කිව්වා වගේ අර පොලව යටෙ අඩි හයේ කතාව මතක් වුණාද?
මේවා අහලම දෙන අප්පිරියවෙලා
ඒ පාර තවත් සෙල්ලමක් පටන් අරන්. එක සෙල්ලමක් ඉවර වෙලා තවම උණුසුමවත් ගිහින් නැහැ. හිටපු එක්කෙනත් යන්න කිට්ටුව වන්නම් 18ම සෙල්ලම් දැම්මා. මෙයත් ඒ සෙල්ලම් තමයි ඔය පෙන්වන්නේ...
ආ ! ...... බලයේ සිටින වැඩි දෙනාට තියන එකක් ඕක. හැබැයි ඡන්ද බලය පමණක් හිමි වැඩිදෙනාට තර්ජන එල්ල වියහැකිය කියලා දැනගත්ත වෙලේ මොකද කලේ? අනුකම්පාව කියන එක මිනිසුන්ගේ හිත් වලින් ටිකින් ටික ඇත් වෙනවා කියලා විතරක් කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි.
කරන කලට පව් මීරිය මීසේ!
නාමල් කුමාරගේ නාට්‍යය ඉවරයි... මේ අලුත් එකක්..
අරයගෙ සින්දුව මෙයත් පටන් අරන් ඡන්දෙ ලංවෙනකොට එයත් ඔහොම කිව්වා මතකයි
කවුද ? නාමල් කුමාරයා ද කිව්වෙ.
අමිල මේක මෙතුමා බලයට ආපු දවසේ ඉඳන් නොවේ, අතීතය මතකනම් බලන්න අර සෞඛ්‍ය ඇමති කාලෙත් විලාප ගැහුවා මීටින් වල බෙහෙත් කොම්පැනි මාව මරන්න එනවා කියලා.
මෙයා තව තව ඉන්න සියලු ලක් වැසියන්ටම මරණිය තර්ජන තමා හම්බවෙන්නේ.
ජීවිතයට වචනෙ මොකක් උනත් ඔබගේ තනතුරට තර්ජනයක් වෙන්න අපි ලෑස්ති වෙලා තමයි ඉන්නේ
ජිවිත තර්ජන නැති රටක නායකයෙක් ඉන්නවද ? ඒ නිසානේ ආරක්ෂක හමුදා සිය ගණනක්, වෙඩි නොවදින රථ, වෙනම කෝකියෝ එකී නොකී සියල්ලත් විශ්‍රාම ගැනීමෙන් පසුවත් බොහෝ දේවල් ලැබෙන්නේ. මොන මගුලකට නහයෙන් අඩනවද ? හෝඩියේ පන්තියේ ළමයි අඩාගෙන ගිහින් ටීචර් මට අරය ගහනවා කිවා......වගේ ළදරු කතා. බැරිනම් යනවකෝ ගෙදර.
ජනාධිපතිවරණේ ඉලක්ක කරන තමුන්ගේ ප්‍රතිරුපේ හදා ගන්න කරන උත්සහයක් බව ඕන පොඩි එකෙකුට තේරෙනවා. නැත්තන් මේ එක පාරට වීරයෙක්ගේ චරිතයක් හදා ගන්න හදන්නේ. මහින්ද යුද්දේ දිනලා නම හදා ගත්තා මෙයා මත්ද්‍රව්‍ය වලට එරෙහි කියල නාඩගම් නටන්න හදනවා. එත් ඒක අවංක චේතනාවකින් කරන බවක් නං පෙන් නැ ගොයියෝ..
ජීවිත තර්ජන තියනවා කියලා ඔබ තුමාට මේ සැරෙත් කිව්වෙ නාමල් කුමාරයාමද?
ජනාධිපතිතුමනි, අපේ රට ක්‍රම වේදයක් නැතුව ඉබාගාතේ යනබව පොඩි ළමයකුටත් පේනවා. කුඩු කාරයන්ට මරණ දඩුවම නියම කලේ උසාවියෙන්ම නේද? එහෙනම් ඇයි ආයෙත් උසාවියෙන්ම තීරණ කරන්න ඕන මේ මිනිසුන්ව එල්ලනවද නැද්ද කියලා. මෙයට විරුද්ද වන රටවල් වලින් අහන්න මේ කුඩු කාරයෝ ටික ඒ රටවල් වලට බාර ගන්න කැමතිද කියලා.
සදාකල්ම ජීවත් වෙන්න බැහැනේ .
අනේ මෙයාව මරන්න නම් කාටවත් ඕනේ නැහැ.
මෙයාව මරන්න කාටවත්ම ඕනෑ නැහැ.
ඔබනේ රටේ ජනාධිපති. ඔබතුමාට නැති බලය කාටද තියෙන්නේ? අපිට කිව්වයි කියලා ඇති සෙතේ මොකක්ද?
පිස්සුද කුඩු මුදලාලිලාට විරුධව ඔබතුම මොනවද කරලා තිබෙන්නේ ? ඒ එකෙක්වත් එල්ලුවද නැහැනේ ? මොකටද උන් ඉතින් ඔබතුමාව මරන්නේ ? වැරදිලාවත් ඔබතුමාගේ ජීවිතය නැතිවෙලා ඔබතුමාගේ ස්ථානයට අර රණසිංහ ප්‍රේමදාස මහත්මය වගේ ඡන්දෙට කලින් දෙන පොරොන්දුව හොඳින් හෝ නරකින් හෝ මිනිමරලා හරි ඉටු කරන කියපු දෙය කරන ජනාධිපති කෙනෙක් පත්වුනොත් උන් වැටෙන්නේ ලොකු අමාරුවක , එම නිසා ඒ අය ඔබතුම මරන්නේ කුමටද ?
පව්.... අහිංසකයා...