
(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් අලෙවිසල් මාසයකට ආසන්න කාලයක් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500 ක ට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ගණන් බලා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .
මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා දිනකට සිදු වන පාඩුව රුපියල් කෝටි 50කට අධික යැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය .
දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග ඉකුත් මැයි මස 13 වැනිදා සිට මත්පැන් අලෙවිසල් වසා දැමිණ .
COMMENTS
රජයට ලාබ තිබුණා කියලා ඒකෙන් වුණු සෙතක් තියෙනවද? පාඩු පිටම දුවපුදෙන් .... කවදාහරි විනාශම වෙලා යනකල්ම... ඒ තරමටම අප්‍රසන්නයි අපේ රටේ ක්‍රියා පිළිවෙළ...
අරක්කු පොවා මිනිසුන් වලපල්ලට යවා ලබන ලාභය කුමටද?
ඉතින් අපිද කිව්වේ වහන්න කියලා...!!!
පෝයටත් අරිමු. අපරාදේ කෝටි 50...
පිළිකා රෝහල්වල, වකුගඩු රෝහල්වල, වියදම ඊට සාපේක්ෂව ගොඩක් අඩුවෙලා ඇති. ගෙවල්වල අඩදබර අඩුවෙලා ඇති. ගුටි ඇනගත්තත් පොලිසිය, උසාවි මැදිහත් වෙනවා කියන්නේ... එ්ත් සල්ලි, මත්පැන් නිසා රාත්‍රියට නිවෙස්වල අපහසුතා තිබුණු අම්මලා, දරුවෝ සතුටින් ඇති. ඒවා මිල කරන්න පුලුවන්ද? කෝටි 1500 ක් පාඩුයි කියන්නේ, බදු මුදල් මිසක් ලාභය නොවේ...!!!
ඔය පාඩුවෙන් අනුරාධපුරයේ සීල් කඩලා විකුණපු සල්ලි අඩු කරන්න.
ඒ කියන්නේ ජනතාව රුපියල් කෝටි 3000 ඉතුරු කරලා.