IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තබ්බෝවෙන් ගිනි අවි සමග හතරක් මාට්ටු

(ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර)

නීති විරෝධී ගිනි අවි 2ක් ඇතුළු උපකරණ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනකු තබ්බෝව අභයභූමියේ ස්ථාන දෙකකදී  අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.

තබ්බෝව අභයභූමියේ තුත්තනේරිය ප්‍රදේශයට අයත් කොටසේදී කැප් තුවක්කුවක් (වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක්) හා ඊයම් මූනිස්සන්, කැප්රෝල්, ගිනිපෙට්ටි ඇතුළු උපකරණ කිහිපයක් සමග සැකකරුවන් දෙදෙනකු සහ තබ්බෝව අභයභූමියේ එරමුදුගස්වැව ‍ප්‍රදේශයට අයත් කොටසේදී බෝර දොළහේ ගිනි අවියක්, එම ජීව පතරොම් 01ක්,විදුලිය පන්දම් 03ක්, බඳපටි 2ක් සමග සැකකරුවන් දෙනකුද මෙසේ අත් අඩංගුවට ගත් බවත් කරුවලගස්වැව වනජීවී කාර්යාලය පවසයි.

ඉකුත් 28 සහ 29 දිනවල මෙම වැටළීම් සිදුකර තිබේ.

මෙහිදී තුත්තනේරිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වනාතවිල්ලුව මොරපතාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, තුත්තනේරිය ප්‍රදේශයේ තාවකාලිකව නැවතී නීතිවිරෝධීව හේන් වගාවන් සිදුකරගෙන යන බව කියන මොවුන් ඒ අතරතුර රක්ෂිතයේ වන සතුන්ද දඩයම් කරන බවට ද මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී කාර්යාලය පවසයි.

මේ අතර ගිනි අවියක් ඇතුළු උපකරණ සමග එරමුදුගස්වැව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන්ද වන සතුන් දඩයම පිණිස අභයභූමියට ඇතුළු වී ඇති බවට එම විර්ශන වැඩිදුරටත් අනාවරණය කරන බවත් වනජීවී කාර්යාලය කියයි.



අදහස් (2)

තබ්බෝවෙන් ගිනි අවි සමග හතරක් මාට්ටු

theshan Monday, 30 August 2021 11:59 AM

ගම සමග පිළිසඳර අතුරු ප්‍රතිපල .දැන් සැපද ?

:       1       1

Lalith M Monday, 30 August 2021 01:16 PM

හරියට මට හිතුන තලේබාන්ලා ගොඩ බැහැලා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site