IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


තිනර් බැරලයක් පුපුරා දස හැවිරිදි දරුවෙක් මියයයි

(ක.ග. කරුණාරත්න)

පොළොන්නරුව පුලස්තිගම, ගල් කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී අද (24) තීන්ත ආලේප කිරීමේදී භාවිත කරනු ලබන තිනර් නැමැති රසායනික ද්‍රව්‍ය සහිත බැරලයක් යාන්ත්‍රික කියතක් උපයෝගී කරගෙන කපා දෙකට වෙන් කිරීමට උත්සාහ කරමින් සිටියදී ඒ බැරලය පුපුරා ගොස් අසළ සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියාගොස් ඇතැයි පුලස්තිපුර පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු සහ තවත් අයෙකු ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොළොන්නරුව, පුලස්තිගම, ගල් කැටිදමන පදිංචි ඒ.ජී සඳරු නිමේෂ නැමැති 10 හැවිරිදි පිරිමි දරුවෙකි.

අනතුරුට ලක්වූ 16 හැවිරිදි පාසල් සිසුවාගේ පාදයටකට බරපතළ ලෙස හානි සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.



අදහස් (10)

තිනර් බැරලයක් පුපුරා දස හැවිරිදි දරුවෙක් මියයයි

සනත් Sunday, 24 February 2019 05:41 PM

තිනර් දියරයත් පෙට්‍රල් වගේ ඉක්මනින්ම ගිනි ගන්නා නිසා භාවිතයේදී පරිස්සම් වියයුතුයි. තිනර්වල තාපාංකය සෙල්සියස් අංශක 40 නිසා යාන්ත්‍රික කියත භාවිතයේදී උෂ්ණත්වය මීට වඩා වැඩිවන නිසා බැරලය පිපිරිය හැක.

:       1       56

MOHANMonday, 25 February 2019 03:22 AM

තිනර් තිබියදී වුනත් බැරලයේ මූඩිය විවුර්ත කර කියතෙන් කැපුවානම් මෙවැනි පිපිරීමක් සිදු වන්නේ නැහැ. මූඩිය වසා ඇති විට බැරලය ඇතුලත පීඩනය නිසා පිපිරීමට ලක් වෙනවා.

:       1       74

chaminda Sunday, 24 February 2019 07:23 PM

මෙවැනි මෝඩ වැඩ කරන්නේ ලංකාවේ ආරක්ෂාකාරීව වැඩ කිරීම ගැන ජාතික ප්‍රතිපත්තියක් නැති නිසයි. කිසිවකු ඒගැන නොතකන නිසා විශාල ජීවිත සංඛ්‍යාවක් දිනපතා රටට අහිමි වේ. සංවර්ධිත රටවලින් ඒ සඳහා අවශ්‍ය ආදර්ශය ගත යුතුයි.

:       7       37

MoSunday, 24 February 2019 09:17 PM

ඔබේ අදහසට මාත් එකගයි.ලංකාවේ මිනිසුන් අවදානම ගන්නේ කිසිම බයක් සැකක් නැතිව.බිම් බෝම්බයක් හම්බ උනොත් කරන්නෙත් ඔය දේමයි.මිනිස් ජීවිතයකට වටිනාකමක් නැති රටවලින් එකක් මගේ මව් බිම.හිතට දුක බොහොමයක් ඔය අනතුරු වලින් මිය යන්නෙ අහිංසක දරුවො.මට මතකයි අපි පුංචි කාලෙ තාත්ත පැට්‍රෝ මැක්ස් ලාම්පුවට හුලං හහන වෙලාවට අපිට පලාතෙ එන්න දුන්නෙ නෑ.ඒ අපේ ආරක්ශාවට.දෙමාපියන්ටත් ලොකු වගකීමක් තියෙනව.

:       0       14

samanthaMonday, 25 February 2019 03:38 AM

මෙවැනි දේ ලංකාවේ සිදු වන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා නොව, නුගත්කම නිසයි.

:       69       36

raajunMonday, 25 February 2019 03:58 AM

නුගත් කම කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැති කමේ ලක්ෂණයක් තමයි.

:       2       49

gayah Monday, 25 February 2019 04:25 AM

ගොඩක් අය පෙට්‍රල් සහ තිනර් වල තියන "පුපුරනසුලු ගතිය" දන්නෙ නෑ. ඩීසල්, භුමිතෙල් වගේ නෙවෙයි පෙට්‍රල් කියන්නෙ ගොඩක් දුරටම වායුවක් (තාපාංකය අඩු නිසා) පෙට්‍රල් වාශ්පය ඉතාම පහසුවෙන් ගිනිගන්නව පිපිරීමක් එක්ක. පෙට්‍රල් බෝම්බ වැඩකරන්නෙත් එහෙමයි. ඒ නිසා පෙට්‍රල්, තිනර් එක්ක වැඩකරද්දි සෑහෙන්න පරිස්සම් වෙන්න ඕන. කවදාවත් කුනුගොඩවල් ගිනිතියද්දි, ලිප් පත්තුකරද්දි බූමිතෙල්, ඩීසල් ගත්තට පෙට්‍රල්, තිනර් ගන්න හොඳනෑ. ඒ ගැන ලමයින් විශේශෙන්ම දැනුවත් කරල තියන්න ඕන.

:       0       15

kap Monday, 25 February 2019 07:48 AM

ඔය තියෙන ටෙලි චෑනල් වලට බෑරිද , ටෙලි ඩ්‍රාමා, දේශපාලන කතා මගුල් අත ඈරලා , මිනිස්සුන්ට දෑනුමක් ලෑබෙන ප්‍රොගෑම් ටිකක් පෙන්නවන්න. පාර පනින හෑටි, ගිනි ගන්නකොට, විදුලියෙන් පරිස්සම් වෙන්න , හෙන ගහනකොට, නාය යෑම්, හදිසි ප්‍රතිකාර ක්‍රම, වගේ දේවල් ගෑන වෑඩි වියදම් යන්නෙත් නෑති, මිනිස්සුන්ට වදින විදිහට ප්‍රොගෑම් එකක් හදල පෙන්නවන්න.

:       0       194

sandy123Monday, 25 February 2019 09:08 AM

ඉතාමත් කාලෝචිත අදහසක්. අපේ රූපවාහිනී නාලිකාවල පෙන්වන තරමක් පෙන්වන්නේ කසිකබල් ඉන්දියානු සම්ප්‍රදායට අයත් ඉතාමත් නොවටිනා නාට්‍ය සහ ඒහා සමානවම නිපදවන අපේ ටෙලි නාට්‍ය... එහෙමත් නැතිනම් රටේ ගායකයෝ නැහැ වගේ සිහින කුමරු ගායනා තරග. එක නාලිකාවක් ගෙනාවම කට්ටියම පෙරහරේ යනවා. අත්දැකීම් ගන්න හෝ ජීවිතයට ආදර්ශයක් ගන්න වැඩසටහන් නාලිකාවල නැත්තටම නැති තරම්... ඒ එක්කම ඒ දරුවා වෙනුවෙන් එම පවුලට මගේ ශෝකය ප්‍රකාශ කරමි.

:       0       19

Nihal Monday, 25 February 2019 09:39 AM

මීට පෙරත් මේ වගේ මරණ රාශියක් වුණා. රටේ මොනවද වෙන්නේ පත්තරයක් බලා පෙර දැනුමක් නොතිබුණු නිසා දරුවා නැති වුණා. මේ වෙනකොට බස් දෙකකින් ගියර් පෙට්ටියේ තහඩුවේ ඇණය සවි නොකළ නිසා ඇතුළට වැටී දෙන්නෙකුගේ ජීවිත අහිමි වුණා. වරායට යන්න හදිසිය. මන් අපේ දරුවන්ට කියලා තියෙන්නේ කවදාවත් පෞද්ගලික බස්වල ඔතන යන්න එපා කියලයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site