IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ණයට හෙරොයින් ගෙන මහාපරිමාණයෙන් අලෙවි කළ දෙදෙනෙක් අල්ලති

 

(රේඛා තරංගනී ෆොන්සේකා)

ණයට හෙරොයින් ගෙන මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්  ජාලය නියැලුණු ප්‍රධාන සැකකරුවෙකු සහ ඔහුගේ සහයක අද (10) රාවතාවත්තේ දී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් පැකට් 1750 ක්, යතුරුපැදියක්, මුදලින් රුපියල් 65,000ක්, ජංගම දුරකථන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.

මෙම සැකකරු මොරටුව පොලීසිය විසින් කරගෙන යන මත්ද්‍රව්‍ය ජාල හඳුනාගැනීමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අනුව සිදුකළ පරීක්ෂාවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ප්‍රධාන ජාවාරම්කරුවකුගෙන් ණයට ගත් හෙරොයින් මෙසේ අලෙවි කර ඇති බවත් අලෙවි කිරීමෙන් පසුව ණය පියවීම සිදුකළ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරු ජාලගතව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙන පුද්ගලයකු බවත් ඔහුගේ එකම පවුලේ 10 දෙනකු මේ වන විටත් වැලිකඩ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවත් පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරුගේ බිරිඳ වැලිකඩ බන්ධනාගාරයේ සිටින බවත් ඔහුගේ වයස අවුරුදු 20 දියණිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇප මත සිටින්නීයක බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

මහා පරිමාණයෙන් පවුලේ සියලු දෙනා සමග ඥාතිත්වය අනුව ගතහොත් අයියා,මල්ලි,බිරිඳ අයියගේ දියණිය,පුතා යන පාර්ශව රැසකගේ සහභාගිත්වයෙන් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.



අදහස් (4)

ණයට හෙරොයින් ගෙන මහාපරිමාණයෙන් අලෙවි කළ දෙදෙනෙක් අල්ලති

සේමගේ Thursday, 10 September 2020 08:03 AM

මෙවැනි ව්‍යවසායකයන්ට සහනදායි පොළියකට රාජ්‍ය බැංකුවලින් ණය ලබාදිය යුතුයි.

:       0       0

sharm warn Thursday, 10 September 2020 08:08 AM

හා... ඒ කියන්නේ පවුලේ ව්‍යාපාරයක්... බොහොම හොඳයි.

:       0       0

siri Thursday, 10 September 2020 08:26 AM

මේ දිනපතා කෙරෙන ‘හාල්මැස්සන් දඩයම‘ එක්කම මහා පරිමාණයේ කුඩු ගෙන්නන කට්ටියත් ඇල්ලුවොත් නරකද?

:       0       0

piyal Thursday, 10 September 2020 08:31 AM

හොඳ වැඩක්. දන්නේ නැති නිසයි අහන්නේ..? මේ අල්ලන කුඩුවලට මොකද කරන්නේ? මහජනයාටත් පේන්න මේවා විනාශ කරනවා නම් හොඳයි නේද? ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1080 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site