(රේඛා තරංගනී ෆොන්සේකා)
කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
එවැනි කොවිඩ් ආසාධිත රෝගින් විසිදෙනකුට පමන පසුගිය සති කිහිපයේ ඇන්ජියෝ ප්ලාස්ටික් සැත්කම් සිදුකල බව ද වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කියයි.
පළවෙනි සහ දෙවෙනි කෝවිඩ් රැලි දෙකෙදී එවැනි හෘදයාබාදයට ලක්වු කොවිඩ් රෝගීන්ගේ ප්‍රවණතාවයක් දක්නට නොලැබුණු බව සඳහන් කරන ඒ මහතා තුන්වන රැල්ලේ දී මතු වු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවක් ලෙස මෙය දක්නට ලැබෙන බව පැවසීය.
හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහොමයක් පිරිස් වයසින් අඩු පුද්ගලයන් බව සඳහන් කරන ඒ මහතා සාමාන්‍යයෙන් හෘදය බාධයකට තුඩුදෙන අධික රුධිර පීඩනය,කොලෙස්ටරෝල්,දියවැඩියා තත්වයකට ගොදුරු නොවී හෘදයාභාධයට ලක් වුවන් බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිපියෙහි පළ කර ඇති සැත්කමෙහි නම “ඇන්ජියෝ ප්ලාස්ටික්“ නොව “ඇන්ජියොප්ලාස්ටි“ (angioplasty) වේ.
මහාචාර්ය ඇස්. බී. දිසානායක මහතාට අනුව, Covid කියන්නේ බියවිය යුතු භයානක ලෙඩක් නොවේ