
(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්දීයාවේ ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයා සොයා ගැණුනු මාදිවෙල ප‍්‍රගතිපුර ප‍්‍රදේශයේ මාර්ග දෙකක් වසා දැමූ බව පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
එම මාර්ග දෙකේ ජනතාවට ඉන් පිටවීමත් ඊට ඇතුළුවීමත් තහනම් කරනු ලැබ තිබේ.
ජනතාවගේ ආරක්ෂාව සැලසීම සඳහා මෙම සංචරණ සීමාවන් පැනවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප‍්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයාගේ ආශි‍්‍රත පනස් තුන් හැවිරිදි කාන්තාව ද කොවිඞ් ආසාදනය වීම හේතුවෙන් ඇය අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති බවත් ඇය සම්බන්ධයෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සංචරණ සීමා පනවන ලද මෙම ප‍්‍රදේශයේ පුද්ගලයන් 20කට ආසන්න ප‍්‍රමාණයක් පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කළ බවද පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
සැක සහිත රෝගියාගේ ආශි‍්‍රතයින් හඳුනාගෙන ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති හෙයින් එම පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම වාර්තා ලැබුණු පසු මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ද සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ඩෙල්ටා‘‘ අවදානමක් නිසා මාදිවෙල ප්‍රගතිපුර මාර්ග දෙකක් වහයි