
(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් යවා විඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව දාළදා මාලිගාවේ පොලිස් ඒකකය කියයි.
මහනුවර දළදා මාළිගා පරිශ්‍රය අධි ආරක්ෂිත කළාපයක් ලෙස පවතින අතර ඊට ආසන්නව ජනාධිපති මන්ධිරයද පිහිටා තිබේ.
ශ්‍රී දළදා මාලිගාවට අයත් අධි ආරක්ෂිත කළාපය තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරා භාවිතා කිරීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් පවත්වා ගෙන යන යූ ටියුබ් චැනලයක් සඳහා අදාළ දර්ශන ලබා ගත් බව ය.
සැකකරු සතු ඩ්‍රෝන කැමරාව සමඟ ජංගම දුරතකනයක් සමග කැමරාවක් සහ සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය පොලීසිය බාරයට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.