(ක.ග.කරුණාරත්න)
අපේ රටේ පාතාලයේ මත්කුඩු කාරයා අපරාධ කාරයා ඩුබායි වලදී අල්ල ගත්ත එකට උප්පැන්නේ දෙන්න බොහෝ පිරිසක් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (8) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.
‘පාතාලේ කට්ටිය ඒ විදිහට ඇල්ලීම සඳහා දැල එලූවේ දැනට අවුරුදු ගණනකට පෙර යැයි ආණ්ඩුවේ එක්තරා ඇමතිවරයකු ප‍්‍රකාශ කළ බවත්’ පුවත්පතක පළවී තිබෙනු තමන් දුටු බවද ජනාධිපතිවරයා කීය.
ශ‍්‍රී ලංකාවේ විරුකියා ගැටලූවට ස්ථීරසාර විසඳුමක් පිරිනමමින් සියලූ රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශී කර දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයන් ඔස්සේ ව්‍යවසායකයන් බිහි කිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙර දැරිව බිහි කෙරෙන ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේෂණ ආයතනයේ ප‍්‍රාදේශීය කාර්යාලය පොළොන්නරුව නවනගරයේ අද (8) විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
අනුන් කරපු දේවල් වලින් සතුටු වනවාට වැඩිය අපි අප විසින් කරන දෙයින් සතුටු වෙන්නට ඕනෑ. දැන් බලන්න මේ දවස්වල දැන් ඔය දවසක් දෙකක් තුනක් යනවා මාධ්‍යවල හෝ ගාලා අර ඩුබායිවල අපේ අපරාධකාරයෝ අල්ල ගත්ත එක පාතාලයේ මත්කුඩු කාරයෙක් දැන් ඒගොල්ලො අල්ල ගත්ත එකට උප්පැනනේ දෙන්න කොච්චර අය ඉන්නවාද ඒකට අයිති කාරයෝ දැන් කොච්චර ඉදිරිපත්වෙලා ඉන්නවාද මම දැක්ක අද පත්තරයක කියල තියෙනවා එක ඇමැතිවරයෙක් ආණ්ඩුවේ මේ එස්ටීඑෆ් එකට ගියපු කට්ටිය පාතාලයේ කට්ටිය ඔය විදිහට අල්ලන්න ඔය දැල එලූවෝ දැන් අවුරුදු ගානකට ඉස්සරලා කියල. තමන් වැඩක් කරල තමන් සතුටු වෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටු වීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්’
ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය



COMMENTS
කවුරු ජනපති වුණත් පොලිසිය තිබිය යුත්තේ ජනපති යටතේයි. ඒක පහුගිය ටිකේ වුණු මත් කුඩු වැටලීම් වලින්ම තහවුරු වෙනවා. මන්ත්‍රී කෙනෙක් සල්ලිවලට ගන්න එක ජනපති සල්ලිවලට ගන්නවට වඩා ඉතා පහසුයි...
කොහොමත් යමක් සාර්ථක වූ සෑම අවස්ථාවකදීම උප්පැන්න දීමට, නවකතා ලිවීමට තුට්ටුදෙකේ වීරයෝ බෝක්කු ගානේ තොග ගණන් ඉන්නවනේ.
අගමැති තනතුරේ නෙයියාඩගමෙන් පසුව මෙතුමා පසුගිය සති කිහිපය තුළ සිදුකළ කතා මෙන්ම මේ කතාවත් හිතේ ඇති අමනාපය නිසා කියූ එකක් බව පෙනෙනවා. මධුෂ් වැනි කාලාන්තරයක් තිස්සේ බලවත් පුද්ගලයින් ඇතුලත්වුන දැවැන්ත සම්බන්ධතා ජාලයක් නිර්මාණය කර ගනිමින් ක්‍රියාත්මක වුන ධනවත් දාමරිකයෙකු ඇල්ලීම වගේ ක්‍රියා දාමයක් දවස් දෙක තුනක් ඇතුලත සැලසුම් කර ක්‍රියාවට නැංවූ දෙයක් ලෙස කවුරුන් හෝ හුවා දැක්වීමට උත්සාහ කරනවා නම් ඒක මෝඩ උත්සාහයක්. මෙය අඩුම වශයෙන් වසරක් තිස්සේ වත් ක්‍රියාත්මක කල සියුම් වැඩ පිළිවෙලක් විය යුතුමයි. ලංකාවේ මිනිස්සු ඔය හිතන තරම් මෝඩයෝ නෙවේ.
මේ ගොඩනැගිල්ල රෝහලක් තුල (මහා කොළඹ) හැදුවා නම් විශාල සේවයක් සිදුවෙනවා මේවායේ නාම පුවරු සේවකයන් පමණක් ඉතුරුවේවි...
ඒ කියන කතාව ඇත්තනේ ජනාධිපතිතුමා. අපේ පොලිසිය මේ කුඩු කාරයෝ අතරට ඔත්තුකාරයෝ යවන්න බොහොම කලින් නේ ඒගොල්ලෝ ලේකම්වරු යැව්වේ. එ්කයි එහෙම කියන්නේ...
ඩුබායි රජයට පින් සිද්ධ වෙන්න ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගත්තාම, ලංකාවේ ඉන්න පිම්පියොත් ලකුණු දමාගන්න ට්‍රයි කරනවා. අනේ යං මහත්තයෝ යන්න. අපි ඔයාලගේ කෙරුවාව නොදන්නවා කියලා හිතාගෙන වෙන්න ඇති මේ වගේ පොර ටෝක් දෙන්නේ?
මේ හාදයා නිදහස් කලොත් ඒක බාරගන්නේ කවුද?
ඔබතුමාත් මේකට උප්පැන්න දෙන්න යන්න එපා..
අපි නම් දැනටම "ඩුබායිහි ඇල්ලූ මත් ජාවාරම්කරුට" උප්පැන්නේ හදලා ඉවරයි! ජනාධිපති තාත්තාගේ නිපැයුමක් නිසා "පුතා" කියා එයාට උප්පැන්නේ හදා නම්කර එයට අපි ගරු කරනවා...
අයියෝ දැන් බයිලා කියනවා. වැඩේ කරන්න ඕනෑ ශ්‍රේෂ්ට මිනිසුන් වැඩේ කරලා අද රටෙනුත් ගියා, වැඩේ ඉවර වෙනකම් කව්රුත් දන්නේ නැහැනේ, එන්ට බැහැ වගේ වැඩක් දුන්නේ...
කුමන්ත්‍රණ ගැන පාතාලයාගෙන් විමසූ දින කාගෙ කාගේත් පටි රෝල් වනු ඇත...
මා සිතන්නේ මේ පාතාලයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ පොලිසිය ජනාධිපතිවරයා යටතට පත්වූවාට පසුවයි. මීටපෙර මෙවැනි දේ සිදුනොවූයේ පොලිසියේ වරදින් නොව, දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් නිසයි.
කටමැත දෙඩවීමෙන් පලක් නැත. ඉදිරියට තිබෙන මාස කිහිපයේදී වත් ජනපති බලතල පාවිච්චි කරලා කුමක් හෝ යහපත් දෙයක් දෙයක් රටට කරන්න.
අපොයි ඔව්... !!! සම්පූර්ණ ඇත්ත. දැන් ඔය තමුන්නාන්සේ නේද? යද්ධයේ අන්තිම සති දෙකේ යුද්ධයට අණ දුන්නේ.. මෙහෙය වූයේ... එතකොට තමුන්නාන්සේ ජනාධිපති පුටුවට පත්කළා කියලා තීදෙනෙක් උප්පැන්න දෙනවද? ....නේද? හැබැයි පත්කළාද මතකත් නැහැ...
ඔය අපරාධකාරයන් ටික තවම ඉන්නේ ඩුබායිවල... නඩු කතාකරල දඬුවම් ලබයිද? නිදහස් වෙයිද කියලා තවම අපිට කියන්න බැහැ. වැරදිලාවත් කට්ටියම නැත්නම් කීප දෙනෙක් ආපහු ලංකාවට එන්න බැරි නැහැ. අන්න ඊට පස්සෙ අපේ ලොක්කො කරන කියන දේවලින්, හැසිරෙන විලාශයෙන් පස්සේ බලමු කවුද වැඩකාරයෝ කියලා. අනික, අංගොඩ ලොක්ක තාම එළියේ....
මේක කාලයක් තිස්සේ කරපු මෙහෙයුමක ප්‍රතිඵලයක්... ආරංචි වල හැටියට දැන් මාට්ටු වෙන්නේ ශ්‍රී ලනිපයට සම්බන්ධ දේශපාලකයින්නේ. මාතර තාත්තා පුතා ජෝඩුව, හම්බන්තොට ජාතික නායකයා යැයි කියා ගන්න හිටපු බස් කොන්දොස්තර, රටම දන්න බුකී කාරයා, ක්ලුබ් කුඩු කරපු චන්ඩි පුතා ඉන් කීපදෙනෙක්. මෙයාලට තමයි ඕන කොහොම හරි අරයව ලංකාවට ගේන්න ඕනේවෙලා තියෙන්නේ.. නැත්තම් ඉතින් ඔක්කොම මාට්ටු වෙනවානේ. ගෙනාපු ගමන්ම මරන්න බලයි තව දේවල් මාට්ටු වෙන නිසා...
ඒක ඇත්ත, දැන් සමහරක් ලකුණු දාගන්න පොලිසියට ස්තුති කරලා ලියුමුත් යවනවා...
ඒ වගේම යුද්ධය දිනන අවසන් මොහොතේත් යුද්ධය මෙහෙව්වයි කියලා කව්දෝ උප්පැන්නක් දුන්නා නේද? එවකට හිටපු ජනාධිපති, හමුදාපති, ආරක්ෂක ලේකම් බය නිසා රටින් පැන්නයි කියමින්... ඒ කව්ද?
රැවටෙන්න එපා... කුඩු අල්ලලා එල්ලුම් ගහේ යවලා මෙයා තව අවුරුදු 5ක් ගන්න යන්නේ...
දැන් ඉතින් මේක ඇති මෙයාට අවුරුදු 2ක් විතර කතා කර කර ඉන්න.
පළමුවෙන් කුඩු විකුණන ගැහැණු ටික එල්ලන්න ඕනේ මේ අය නිසා දරුවෙක් එක්ක පාරේ බැහැල යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ
ලඟදී මහින්දගේ උප්පැන්න වෙනස්කරන්න ගිහින් මෙයා රෙද්ද ඉරාගත්තා.
කතාව ඇත්ත... ලංකාවේ, දින්න යුද්ධයට කී දෙනෙක් උප්පැන්න දුන්නද? මේක නම් පුදුම ශ්‍රී ලංකාවක් තමයි...
ලංකාවේ මරණ දඩුවම් නියම වෙලා ඉන්න කුඩු කාරයෝ ටික එල්ලලා දමන්න ඔබතුමාගේ අත්සන යොදන්න. අරාබියේ ඉන්න කුඩුකාරයන් ගැන පසුවට කතාකරමු
මේ වෙලාව අර පරණ නඩු ෆයිල් ටික යට ගහපුවා අමතක වෙන්න, මෙම සිද්ධිය ප්‍රයෝජනයට ගනීවි . ඒක තමයි කපටි දේශපාලකයින්ගේ සෙල්ලම් .
කරුණාකර මධුෂ් සහ කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන එන්න ඉඩ දෙන්න එපා. කරුණාකර එයට විරෝධය දක්වන්න!!!
ඔය මොන පම්පෝරි කතාද හලෝ? කේපී අල්ලා ලංකාවට ගෙනෙනතුරු කවුරුත් දැන හිටියාද? කවුරුත් පම්පෝරි ගසුවාද? නැත... ඕවා බොරු බයිලා හලෝ. වැඩකාරයෝ එල්.ටී.ටී.ය ට කරන්න ඕනේ දේ කළා. ඒ ගොල්ලන්ට මදුෂ්ක අල්ලන්න ඉඩ ලැබුණා නම් ඔය බොරු බයිලා නැතිව වැඩේ කරනවා..
ප්‍රධානියා තමයි ඔයා .......!!