(රංජන් කස්තුරි)
ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීමට ගිය ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසකට ආරක්ෂක අංශය වලින් අද (15) දැඩි බාධා එල්ල වී තිබේ.
එම පිරිසට ස්ටාලින් ඇතුළු පිරිස හමුවීමට අවස්ථාවක් නොලැබුණු අතර ඔවුන් රැගෙන ගිය බඩු භාණ්ඩ ගුවන් හමුදාව භාරයට ගත් බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීම සඳහා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් 16 දෙනෙකු අද පෙරවරුවේ ගොස් තිබිණ.
COMMENTS
ලෙඩ නැහැ කියලා රිපෝර්ට් එක ආවනේ... මොන කෙහෙල් මලක්ද? තව බලන්නේ... නයෙක් පොළඟෙක් ගහලා කියලා හිතුවද?
නිරෝධායනය වුණු අය බලන්න ගියා... මේ නඩේගේ... පොල්ගෙඩියක් තරම් තියෙන ඔලුගෙඩිය ඇතුලේ තියෙන අලගෙඩියක් තරම් මොලගෙඩියේ.. මැටිද තියෙන්නේ? මේ අය ආණ්ඩුවට ලොකුකම් පෙන්වනවා වගේ මේ අයවත් අල්ලලා නිරෝධායනය කරන්න තිබුණේ...
සුද්දගේ අධ්‍යාපනය, කලු සුද්දගේ අතට ගියහැටි නේද? ජයවේවා..!!!
නිරෝධායනය කියන්නේ සාමාන්‍යයෙන් බාහිර සමාජයෙන් වෙන්කරලා තැබීම... ඒක තේරුම් ගන්න අමාරු කාරණයක්ද?
නිරෝධායනයට ලක් කරපු අය බලන්න දෙනවද? ඒක ඉස්පිරිතාලේ නෙවෙයිනේ... කොහොමටත් ඇමරිකන් ආධාර එයාලාට තිබෙනවා. මේ උද්ඝෝෂණය කරන්න දෙන එකත් හොඳයි. ඩොලර් ටිකක් ලංකාවට එනවා.
මේ කාලකන්නි රටේ ළමයින්ගේ අධ්‍යාපනය රකින්න කියලා ඇවිත් දේශපාලනය කරනවා. අදත් දරුවන්ට අකුරු නැහැ. මාස ගානක් පින් පඩි ගත්තු මේ අය ජවිපෙ කාලකන්නි පක්ෂයේ වහල්ලු... මේ වගකීම අනුර කුමාර දිසානායක කියන, තම පුතාව පුද්ගලික විශ්ව විද්‍යාල යවපු, මිනිහටත් තියෙනවා. මේ මිනිස්සු තමන්ගේ දේශපාලනේට අල්ලාගෙන තියෙන්නේ රටේ අධ්‍යාපනය කරන තැන් ටික, විශ්වවිද්‍යාල, පාසල්... මාස ගාණක් නිකන් පඩි අරගෙන, දරුවන්ට කිසිම දෙයක් නොකරපු ගුරුවරුත් බබාලා නෙවෙයි.
ඇවිලෙන ගින්නට පිදුරු දමපු රඹුක්වැල්ලට එරෙහිව අයිය මලෝවරු වහාම තීරණයක් ගත යුතුයි. ආණ්ඩුව වට්ටන්න මෙහෙයුම්වලට මෙයාලට කොන්ත්‍රාත් දුන්නේ කව්ද කියලා හොයන්න වෙයි.
පොඩි දරුවන්ගෙනුත් පළිගන්න තමයි හදන්නේ...
ඔය එන කට්ටියගේත් කොරෝනා තියෙනවද බලලා නිරෝධායනයට දැම්මා නම් කහට බිබී ඉන්න.
සුනිල් උන්නැහේට මිලානෝ පේනවා ඇති..!!! මෙහෙ ලංකාව..! මටත් අහන්න තියෙන්නේ ඔබේ ඔලුවේ තියෙන්නේ මැටිද කියලයි. මෙතන අවනීතිය පෙනෙන්නේ නැත්තේ මිලානෝ සැර වැදිලාද?
ගුරු මෑණිවරුන්ටත්, පියවරුන්ටත් නිගාකරන මෙවැනි අමනයින් දේශපාලන කුහකයන් මේ රටෙන් පන්නා දැමිය යුතුයි..
මේ වගේ අයද ලංකාවේ ළමයින්ට උගන්වන්නේ... ?
අහන්න දෙයක්ද ඩුප්ලිකේට් ඉස්ටාර්ලින් ඉන්නේ නිරෝධායනයේ. කව්ද නිරෝධායනයේ ඉන්න මිනිස්සු බලන්න දෙන්නේ...? එතකොට නිරෝධායනය බොරුවක් වෙනවා.. බලන්න ගිය අය හතර වෙනි රැල්ලක් ඇතිකරනවා. බලන්න දීලා ඔවුන්වත් නිරෝධායනයට දමන්න. එතකොට වෙන කවුරුත් එන එකක් නැහැ. ඩුප්ලිකේට් ස්ටාර්ලින්ගේ නිරෝධායනය තව සුමානම දෙකකට දික් කරන්න. අපි විරුද්ධ නැහැ...
ඇයි මේ වෘත්තීය සමිති තහනම් කරන්නෙ නැත්තේ?මොකටද මේවා. හැමදාම වර්ජන. යහපාලනය තමයි පඩි වැඩිකරලා රාජ්‍ය සේවකයන් කරට ගත්තේ...
බමුණු, ඇයි මේ ඩෝන් ගිහිල්ලා උගත්, බමුණු පොඩ්ඩක් පැහැදිලි කරනවද කුලප්පු වුණේ ඇයි කියලා..?
බමුණු කවුද කියලා දැන් මම දන්නවා. එලොවටත් නැති, මෙලොවටත් නැති දේශපාලකයින්ගෙන් එක්කෙනෙක්...