(ඉන්දිකා රාමනායක)
කප්පම් ගැනීම් ,මත්ද්‍රව්‍ය ජාවාරම,දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නූතන තාක්ෂණය උපයෝගී කරගෙන විශේෂ වැටලීම් ඒකකය ලඟදීම ස්ථාපිත කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රට පුරා සිදුවන කප්පම් ජාවාරම පොලීසියට වාර්තා වන සහ වාර්තා නොවන කප්පම් සම්බන්ධයෙන් , දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් සිදුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය ට මෙම විශේෂ මැහුම් ඒකකය ස්ථාපිත කරන බව ද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
විශේෂ විමර්ශන ඒකකය ස්ථාපිත කිරීම ට සඳහා දැනටමත් සියලු කටයුතු සිදු කර අවසන් බව ත් ජනතාවට ද ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීම සඳහා ඉදිරියේ විශේෂ දුරකථන අංකයක්ද හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.