
(රංජන් කස්තුරි)
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයින්ට මේ වසරේ වැටුප් වැඩි වීමක් ලැබිය යුතු නමුත් ඒ සඳහා තවම කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව නොතිබීමෙන් ගැටළු සහගත තත්වයක් මතුව ඇතැයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය.
ජල සම්පාදන සේවකයන් ට වසර තුනෙන් තුනට වැටුප් වැඩිවීමක හිමිවන අතර ඒ අනුව මේ වසරේ දී එම වැටුප් වැඩිවීම හිමිවිය යුතු බව ද උපාලි රත්නායක මහතා කීය.
කෙසේ වෙතත් ජල සම්පාදන සේවකයින්ට අප්‍රේල් මස වැටුපට සියයට 25 ක දීමනාවක් ලබා දුන් බවද එම දීමනාව මූලික වැටුපට එක් කළ යුතු බවද ඔහු කීය.
COMMENTS