
(නිමල කොඩිතුවක්කු)
ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (13) පැවසීය.
ජල ගාස්තු වැඩි කරනවා වෙනුවට නාස්තිය අඩුකර ජල සැපයුම කාර්යක්ෂමව ලබාදීමට කැපවන බව ද ඔහු සඳහන් කළේය.
වසර හතරක් තුළ සැමට පානීය ජල සැපයීම ලබාදීම තම අරමුණ බවද බත්තරමුල්ල පැලවත්ත ජල සම්පාදන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ජන ජීවිතයට ජල සැපයුම සැපයීම ජීවිතයේ අපේ පරමාර්ථය කර ගනිමු යන තේමාවෙන් මේ සඳහා සිව් අවුරුදු සැලැස්මක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අන්ත ජල ධාරිතාවයෙන් පෙළෙන ගම්මාන 26 ක් පිළිබඳ පළමුව අවධානය යොමුකරන බවත් පැවසූ අමාත්‍යවරයා එම ප්‍රදේශවලට ජල සැපයුම ලබාදෙන තෙක් බවුසර මගින් පිරිපහදු කළ ජලය ලබා දීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ජල සැපයුම විධිමත් කිරීම සඳහා නව අණ පනත් සකස් කර ප්‍රජා ජල දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පැවසීය.
කටාන, දැදුරුඔය, කැලණි දකුණු ඉවුර සහ මාතලේ යන ප්‍රදේශවල ප්‍රධාන ජල ව්‍යාපෘති හතරක් මේ වසර තුළදී තුළ දී ආරම්භ කිරීමට පියවර ගන්නා බවද වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.
නව ජල සම්බන්ධතා ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉන් ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඔහු කීවේය.
නීති විරෝධීව වංචා සහගතව ජලය ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී එහිදී වැඩිදුරටත් පැවසීය .
COMMENTS
ආයේ කවුරුහරි වෙඩි කනවා කිව්වායැ... හිටන්...
දැන් ඉතින් වතුර ඇමැතිකමවත් ලැබුණු එකේ... ඔය රැවුල කපාගත්තා නම් නේද හොඳ..?
වාසු තමයි මේ ආණ්ඩුවෙන් පළමුවරට එළියට එන්නේ... එයාට අමාරුයි ගෝඨත් එක්ක වැඩ කරන්න.
ධනවාදී පක්ෂයකට මුක්කු නොගහා සමාජවාදය කරා යන්න බැරි බව ප්‍රයෝගිකව ඔප්පු කල ඔබ තුමා මේ රටට ආදර්ශයක්. ඔබ තුමාව අකුරටම අනුගමනය කල වාමාංශික ගෝල බාලයින් බොහෝ දෙනෙක් මේ වෙද්දී ඔබටත් වඩා ඉහල තැන්වල ධනවාදී ලෙස වැජබෙනවා. ඉතින් ඒ කාරනාවම ඔබට ආඩම්බර වීමට හේතුවක් නොවේද?
වාසු සහෝදරයා, ජල ගාස්තු වැඩි කරන්න අවශ්‍ය නැහැ. මණ්ඩල සේවකයන්ට අසීමිතව දෙන වැටුප් අඩු කරන්න.
මඩ සහිත ජලය ලැබීම නවත්වන්න පුළුවන්ද?
ඇමතිතුමා... ජය වේවා!
මෙයා ලංකාවේ පිදෙල් කැස්ත්‍රෝ... දුම්මල ගැහුවත් ආණ්ඩුවෙන් යන්නේ නැහැ.