මෙරටින් බිහිවූ විශිෂ්ට පුවත්පත් කලාවේදියෙකු වන එල්මෝ ගුණරත්න මහතා අද (28දා) පෙරවරුවේ කොවිඩ්-19 රෝගී තත්ත්වය හේතුවෙන් සිය නිවසේ දී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දශක 6 ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨතමයෙකු ලෙස හඳුන්වා දිය හැකිය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගුණරත්න මහතා සිංහලයා පුවත්පතින් මාධ්‍ය ජීවිතය ආරම්භ කළ අතර පසුව ලේක් හවුස් ආයතනයට එක්විය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමට විරෝධය පා එයින් ඉවත් වූ කිහිප දෙනා අතර ඔහුද විය.
පසුව තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා ලෙස සේවය කළ ඒ මහතා 1978 දී යළි ශ්‍රී ලංකාවට පැමිණ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. එහිදී ලංකාදීප, සන්ඩේ ටයිම්ස් හා ඩේලිමිරර් යන පුවත්පත් තුනේම කර්තෘවරයා ලෙස සේවය කරමින් එවැනි දස්කමක් කළ ශ්‍රී ලංකාවේ පළමු හා එකම කර්තෘවරයා ලෙස සිය හැකියාවන් පෙන්වීමට ගුණරත්න මහතාට හැකි විය.
එල්මෝ ගුණරත්න මහතා පසුව අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද සේවය කළේය.
පුතුන් සිව් දෙනෙකුගේ පියෙකු වූ එල්මෝ ගුණරත්න මහතා ගේ වැඩිමහල් පුත්‍රයා වූ දමිත ගුණරත්න මහතාද ඊයේ (27 දා) හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. ඔහුද කෙටි කලක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අයෙකි. ප්‍රවීණ පුවත්පත් කර්තෘවරයෙකු වන තුශාර ගුණරත්න මහතා එල්මෝ ගුණරත්න මහතාගේ තෙවැනි පුත්‍රයාවෙයි.
COMMENTS
කොවිඩ් අකාලයේ මෙවැනි වටිනා ජීවිත රටට, පවුලට අහිමි කරනවා. පියවරු මව්වරු වියෝවෙන් දුප්පත්, පොහොසත් භේදයක් නැතිව පවුල් අසරණ වෙන්නේ... මේ රෝගයෙන් දෙමාපිය දෙදෙනාම අහිමි වූ දරුවනුත් සිටිනවාලු. එන්නත විද ගන්න කිව්වාට මධ්‍යස්ථානවල වැඩ කරන අය එසේ නොකර මාරුවී යන්නේ එන්නත් හිඟයක් ඇති බව කීමට අකමැති නිසාද? එසේ නම් ඇතිතරම් එන්නත් විගස ගෙන්වාගෙන ජීවිත බේරා ගැනීමට කටයුතු කරන්න. පවුලේ අයට මේ ආදරණීයන්ගේ වියෝව දරා ගැනීමට ශක්තිය ලැබේවා...!
හරිම කණගාටුදායකයි... පිය, පුතු දෙපළටම අමා මහ නිවන්සුව ලැබේවා..!
ඔබතුමාට හා පුතුට නිවන් සැප ලැබේවා...!!!
වැඩිහිටි වයසේ වුණත් මේ අහිමි වෙන්නේ රටට සම්පතක්ව සිටින වටිනා ජීවිත.
එල්මෝ ගුණරත්න මහත්මයාටත්, දමිත ගුණරත්න මහත්මයාටත් උතුම්වූ නිවන්සුව පතමි.
88-89 භීෂණ කාලේ bbc සංදේශයේ මෙතුමාගේ වාර්තාව හොරෙන් ඇහුව හැටි මතක් වුනා
මෙතුමා ඉතා වටින කෙනෙක් අතීතයේ අපිට මතක් කළොත් සංදේශය බීබීසී වැඩ සටහනේ 1988 89 87 ඒ වකවානුව තුළ ඇත්ත පුවත් දැනගැනීමට විශාල මෙහෙවරක් කරපු පුද්ගලයෙක් මේ මනුස්සයා ඇත්තටම ඔබතුමා විශිෂ්ට ගණයේ පුවත්පත් කලාවේදියෙකි පෞද්ගලික හෝ පුද්ගලිකව කිසිම මාධ්‍යයක් ඇත්ත නොකියපු කාලෙක ඔබතුමා සියලු දේ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට පැවසුවා ඇත්තටම අපිට හරිම කණගාටුයි ඔබ වැනි ශ්‍රේෂ්ඨ මිනිසුන් අපෙන් ඈත් වීම දරාගත නොහැකි ඔබට අජරාමර නිවන් සුව කටාර් වල අපි