(ජයන්ත සමරකෝන්)
රාජ්‍ය සේවකයන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දුම්රිය ආසන වෙන්කර ගැනීමට පහසුවන පරිදි අන්තර්ජාලය හරහා ආසන වෙන් කිරීමේ ක්‍රමය මෙම 20 වැනිදා සිට ආරම්භ වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
විශ්‍රාම ටැටුප් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි.
මේ පිළිබඳ ආරම්භක උත්සවය හෙට (19) පෙරවරු 9.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටත් මොබිටෙල් එක හරහා දුම්රිය ආසන වෙන්කරවා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඇතැම් දුම්රිය වල අඩුම මාසෙකට කලින් ටිකට් ගන්න ඕනි. නැත්තම් ටිකට් ඔක්කොම බුක් වෙලාලු. හැබැයි කොටුවේ දුම්රිය පල අසල සිටිනා තැරැව්කරුවන්ගෙන් ඒ ටිකට් වැඩි මුදලට ගන්න පුළුවන්. ඔතන වෙන්නේ වෙනම මාෆියා එකක්.
ඕක දන්නා කලින්ම කියන්නම්, ඔය සිස්ටම් එකෙන් ටිකට් බුක් කරන්න පෙන්නනේ නැතිවයි , බුක් කරත් ගියාම සීට් එක වෙන කට හරි දීල ඇති. අපේ දුම්රිය සේවේ ඉන්න සමහරකට මේක නිධානයක්. ඒ වගේ දෙයක් මෙහෙම ඔන්ලයින් විදිහට ඔක්කොටම පෙන්න දෙන්නේ නෑ
ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනා හිමි වන්නේ රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට පමණද.. පෞද්ගලික අංශයේ විශ්‍රාමිකයන් කුඩම්මාගේ දරුවෝද.. ඔවුන්ගෙන් මේ රටට වැඩක් හෝ සේවයක් සිදුවී නැද්ද..
ආන්න්ඩුවේ පුටු රත්කරලා අතිකාල කරලා පඩිගත්තු අය තමා ඔය රාජ්‍ය සේවගේ වැඩි හරියක් විශ්‍රාම ගිහින් දැන් පිනට කන්නේ, අපි අවුරුදු 25 කට වැඩිය මැදපෙරදිග සිට රටේ හොරුන්ට පඩි ගෙවන්න මුදල් එවනවා, නමුත් මේ රටේ අපිට කිසිම සහනයක් නෑ.