IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත වෙයි

(යොහාන් භාසුර)

දේශීය සහ විදේශීය සම්මානයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකාවේ වැඩිම චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ චිත්‍ර ශිල්පියා ලෙස සැළකෙන සේමගේ මහතා ‘දවස’, ‘ලංකාදීප’ සහ ‘රිවිරැස’ ඇතුළු පුවත්පත් කීපයක චිත්‍ර ශිල්පියකු ලෙස ද කටයුතු කළේය.

බෞද්ධ චිත්‍ර නිර්මාණයට උපන් හපන්කම් දැක්වූ සේමගේ මහතා වෙසක් තොරණ රැසකට චිත්‍ර නිර්මාණයෙන් දායකවී ඇති අතර ඒ මහතා සිංගප්පූරුවේ සහ මැලේසියාවේ බෞද්ධ සිද්ධස්ථානවල චිත්‍ර නිර්මාණය කිරීමෙන් දායක විය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියාත්මක කළ ‘ගම්උදාව’ වැඩසටහනේ සෑම ගම්උදාවකම ප්‍රධාන තොරණ නිර්මාණය කිරීම ඒ මහතා වසර 10 ක පමණ කාලයක් ඉටු කළේය.

චිත්‍ර ගුරුවරයකු ද සේමගේ මහතා මියයන තෙක්ම චිත්‍ර ඇදීම පිළිබඳව උපදෙස් ලබාදුන්නේය.

අම්බලන්ගොඩ, ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සේමගේ මහතා සෞන්දර්ය විශ්වවිද්‍යලයේ ලලිත කළා උපාධිධාරියෙකි. ඒ මහතාගේ එකම දියණිය ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින්නීය.

ජයසිරි සේමගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (26) පස්වරුවේ සිදුකෙරිණි.

 



අදහස් (6)

ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප්‍රාප්ත වෙයි

P.A. wijayaratna Thursday, 26 August 2021 02:06 PM

ඔබතුමා ශ්‍රී ලංකාවේ චිත්‍ර නගාසිටුවීමට සහ ජාත්‍යන්තරයට ගෙන යාමට කල සේවය අති මහත්. ඔබතුමාට නිවන් සැප ලැබේවා!

:       0       6

kamal Thursday, 26 August 2021 02:18 PM

දක්ෂ කලා ශිල්පියෙක්. නිවන් සැප ලැබේවා.!

:       0       5

මුණසිංහ Thursday, 26 August 2021 02:47 PM

සුවිශේෂී කලා කරුවකුගේ නික්ම යාම. නිවන් සුව ලැබේවා !

:       0       5

siri Thursday, 26 August 2021 03:21 PM

ඉතාම කනගාටුදායක ආරංචියක්. එතුමාට නිවන්සුව ලැබේවා.

:       0       6

SUNIL MILANO Thursday, 26 August 2021 06:51 PM

ඔබතුමාට අජරාමර උතුම් වූ නිවන්සුව ලැබේවා.!

:       0       0

කිත්සිරි Thursday, 26 August 2021 08:37 PM

කලා කරුවාණනි, ඔබට නිවන් සුව!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site