ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජයලත් මනෝරත්න මහතාගේ දේහයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) අවසන් ගෞරවය දැක්වීය.
විපක්ෂ නායකවරයා ජයලත් මනෝරත්නයන්ගේ බිරිඳ ජයන්ති මනෝරත්න ,පුතා භානුක මනෝරත්න , දියණිය ඉන්දීවරී මනෝරත්න යන මහත්ම මහත්මීන් වෙත ශෝකය ප්‍රකාශ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ප්‍රවීණ රංගන ශිල්පිනියන්වන නිල්මිණි සිගේරා, දමිතා අබේරත්න සහ මාලි ජයවීර යන මහත්මීන්ද දේහයට අවසන් ගෞරවය දැක් වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
ජයලත් මනෝරත්නයන්ගේ දේහය මේ වනවිට බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)










COMMENTS
කටක් ඇරලා කියන්න පුලුවන් නළුවෙක් අපට අහිමි වූණේ. නිවන් සැප ලැබේවා.!
දේශපාලුවන්ට කඩේ නොගිය අහිංසක ජනතාවගේ දහදිය ගඳ හඳුනා ගත්තු ... දැවැන්ත රංගධරයෙකු ලංකාවට අහිමිවූ වගයි. මේ වගේ ඇති ශ්‍රේෂ්ට කල කරුවන් බිහිවන්නේ කලාතුරකින් .
මම මේ කල්පනා කරේ මල ගෙවල් වලට යන්නේ හැමදාම විපක්ෂයේ නායකයෝ ඇතුළු පිරිස විතරයි... මොකද මන්දා ?
මනෝරත්නයාණනි, ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා !!!
ජනත හදවත් තුළ සදා නොමියෙන ප්‍රවීණ රන්ගදරයානෙනි,ඔබට අමා මහ නිවන් සුව අත් වෙවා !!!
ඔබේ මරණය අසා මම හදවතින් වැළපුණෙමි. අපිටත් එය උරුම නිසා සැනසුනෙමි. අව්‍යාජ කලාකරුවාෙණනි, ඔබට අජරාමර නිවන් සුව...!!!