IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගිහින්

ඝාතනය කළ මාධ්‍යවේදී ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි එරට බලධාරිහු බිය පළ කරති. 

මාධ්‍යවේදී ජමාල් ඝාතනය කිරීමට තුර්කියට පැමිණි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂකයකු යැයි කියන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් රැගෙන ගොස් ඇති බවට සැකයක් ඇතැයි තුර්කි නිලධාරිහු පවසති. 

ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේ තුර්කියට පැමිණි සෞදි ජාතිකයන් 15 දෙනා කෂොක්ජිගේ සිරුරේ කොටස් බෑග්වල දමාගෙන රැගෙන ගොස් ඇති බවට සැකයක් තිබෙන බව තුර්කි නිලධාරිහු කියති. 

හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ සෞදි බුද්ධි අංශ නිලධාරියකු බව පැවසෙන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් 15 දෙනාගේ කණ්ඩායමේ නායකයා බවත් ඔහු සෞදි ඝාතක කල්ලියේ ‘කොඳු නාරටිය’ බවත් ඬේලිමේල් වෙබ් අඩවිය පළ කළ වෙනත් පුවතක සඳහන් වී තිබිණි. ඔහු ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේදී පෞද්ගලික ජෙට් යානයකින් තුර්කියට පැමිණි බවත් ඔහු එදිනම තුර්කියෙන් පිටව ගිය බවත් පැවසේ.

මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය වූ බව මේ වනවිට සනාථ වී ඇත. මේජර් ජෙනරාල්වරයකු බව කියන මහීර් සෞදියේ ඔටුන්න හිමි කුමරු සමඟ මේ වසරේදී බ්‍රිතාන්‍යයට, ඇමෙරිකා එක්සත් ජනපදයට, ප්‍රංශයට හා ස්පාඤ්ඤයට ගිය බව කියවේ.

මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි තුර්කියේ පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයට ඇතුළු වූයේ ඔක්තෝබර් 2 වැනිදාය. එදිනම ඔහු ඝාතනය කළ බව පැවසේ.  

055

 



අදහස් (5)

ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගිහින්

ලුම්බිණි Wednesday, 24 October 2018 12:37 AM

මෙතන සිදු වෙලා තිබෙන්නේ 'උණු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දාන්නත් බැරි' තත්වයක්. බටහිර රටවල තිබෙන කෛරාටික ප්‍රතිපත්ති මෙයින් පෙනෙනවා.

:       0       0

Kumar Wednesday, 24 October 2018 01:44 AM

මරපු කෙනාගේ දරුවට රටින් පිටවීම තහනම් කරලලු... අරාබි රජ හා කුමාරයෝ වහගන්න බැරිව දඟලනවා.

:       0       0

Rane Wednesday, 24 October 2018 02:14 AM

ධනවාදී ක්‍රමය සහිත ඇමෙරිකාව වැනි රටවල ප්‍රමුඛ වන්නේ තමන්ගේ පැවැත්ම පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site