IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


ජපාන තානාපතිවරයා විපක්ෂ නායක හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක්  කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

කොරෝනා මර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි සියකෘතවේදීත්වය පිරිනැමීමට  විපක්ෂ නායකවරයා එහිදී පියවර ගනු ලැබීය.

සමගි ජනබලවේගය හරිත පක්ෂයක් බවත් ඒ හරහා "හරිත ව්‍යාපෘතිය", හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන ඇතුළු ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ඒ සදහා  අවශ්‍ය අඅනුග්‍රහය ලබා දෙන ලෙසද විපක්ෂ නායකවරයා ජපාන තානාපතිතුමන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

ඒ පිලිබදව ස්වකීය විශේෂ අවධානය යොමුකරන බව පැවසූ තානාපතිතුමන් ඒ සදහා අනුග්‍රහය ලබා දෙන බවද පැවසීය.

දශක ගණනාවක් ඈතට දිවෙන ද්වීපාර්ශවීය සබදතා පිලිබදව තානාපතිතිවරයා විසින් එහිදී සිහිපත් කරනු ලැබීය.



අදහස් (6)

ජපාන තානාපතිවරයා විපක්ෂ නායක හමුවෙයි

මහසෙන් Friday, 22 October 2021 01:07 PM

තානාපතිතුමනි .සජිත් මැතිදුන් ප්‍රමුඛ සමගි ජනබලවේගයට මේ රට භාරදෙන ලෙස ජපන් රජය හරහා ලංකා ආණ්ඩුවට බලපෑම් කරන්න.මේ මහත්තයා කියන කිසි දෙයක්.මේ ආණ්ඩුව අහන් නෑ

:       6       4

ජගත් ලියනගේ Friday, 22 October 2021 01:47 PM

ජපානය කොහොමත් ඉස්සර ඉඳන්ම ලංකාවට ආදරෙයි. චීනය වගේ නෙවෙයි. චීනය අපිට උදව් කරන්නේ යටි අරමුණු ඇතුවයි...

:       3       5

kamalFriday, 22 October 2021 04:50 PM

ජපානයේ ආදරය මේ වගෙයි... ඔන්න දන්නේ නැති නිසයි මේ කියන්නේ... ලංකාවට ජපානෙන් නොමිලේ රූපවාහිනිය දීපු ගිවිසුම අනුව ජපන් කම්පැණිවල විතරයි රූපවාහිනියේ උපාංගවලට ටෙන්ඩර් දාන්න පුළුවන්...

:       1       0

චන්දන Saturday, 23 October 2021 08:06 AM

වාඩිවෙලා ඉන්න විදියෙන් පේනවා නේද දෙන්නගේ විනය කොහොමද කියලා...!

:       0       1

RaveendraSunday, 24 October 2021 07:07 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් 100% නිවැරදිය. මෙම ඡායාරුපය දැකීමේදී එකවර අපගේ හිතට පැමිණි දෙය ඔබ අදහස් කර තිබීම අගය කරන්නෙමු. අප මේ පිලිබදව වෙනත් වචනවලින් අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වුනත් එසේ නොකළේ එම වචන කිසිසේත්ම සීලාචාර වචන නොවන බැවිනි.... කෙනෙකුගේ අංග චලනවලින්, ගමන්කරන විලාසයෙන්, වාඩි වෙන ඉරියව්වලින් ඔහු හෝ ඇය පිලිබදව හොද නිගමනයකට පැමිණිය හැකියි යන අපේ පැරණි මුතුන් මිනිත්තන්ගේ ඒ ඒ කියමන් අදටත් නිවැරදිය.

:       0       2

Raveendra Saturday, 23 October 2021 01:43 PM

තානාපති උන්නැහේට මම මේ කියන්නමයි හිටියේ... අපේ තාත්තගේ කාලේ මළපොතේ අකුරක්වත් දන්නේ නැති අපේ මාමා කෙනෙක් තමයි ඔහෙලාගේ රටට තානාපති හැටියට පත්කරලා හිටියේ... වැඩකටම නැති කෙනෙක් වුණත් ඒ අපේ මාමානේ... ඒ වගේම කිසිදා ඥාති සංග්‍රයක් කරල නැහැ අපේ තාත්තා, මමත් ඒ වගේමයි... ගොඩක් මිනිස්සුන්ට අමතකයි අපේ තාත්තගේ ‘‘අවංකකම"... මමත් ඒ වගේ මට බලය ගන්න ඔහෙලා උදව්කරනවා නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අසිරිමත් ඇසළ පොහොය අදයි
2024 ජුලි මස 20 258 0

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. මෙදින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් වෙ


ගැසට්ටුව ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 20 1480 0

විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරණය අවසන් වන තෙක් නිකුත් කිරීම නොකරන ලෙසට තමා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ද


ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 529 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ
2024 ජුලි මස 19 484 0

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අත


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 1604 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


බසයක් පෙරළී 52ක් රෝහලේ
2024 ජුලි මස 19 533 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site