IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


“ජපන් ආධාරයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති නියමිත වේලාවට නිම කරනවා’’

( තිළිණි ද සිල්වා )

ජපන් ආධාර යටතේ මෙරට දැනට ක්‍රියාත්මක වන සියලුම සංවර්ධන ව්‍යාපෘති නියමිත වේලාවට නිම කිරීමට ජපානය කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා කියා සිටී.

එසේම වසංගතය හේතුවෙන් අභියෝග නොතකා ඉදිරියට ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහාද තම රට කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර පැවති විශේෂ හමුවකදී ජපන් තානාපතිවරයා මේ බව කියා සිටියේය.

මෑතක දී ජපානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 14 ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුළ එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව මෙහිදී විදේශ අමාත්‍යවරයා ජපන් තානාපතිවරයාට පෙන්වා දුන්නේය.

සෑම අසීරු අවස්ථාවන්හි දී ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහයෝගයක් ලබා දීම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ජපාන රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.

දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ අන්තර් පුද්ගල සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වෙහෙස නොබලා කටයුතු කිරීමට ද ජපාන තානාපති අකිරා සුගියමා හා විදේශ අමාත්‍ය පීරිස් මහත්වරුන් මෙම සාකච්ඡාවේදී එකගවූ අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් ලබන වසරේ දී ඉතාමත් සුදුසු අයුරින් සැමරීම සඳහා එකඟ වූහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද සම්බන්ධ විය.



අදහස් (2)

“ජපන් ආධාරයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති නියමිත වේලාවට නිම කරනවා’’

kamal Tuesday, 24 August 2021 11:29 AM

දන්නවනේ අපේ සර් එකක සෙල්ලම් බැ

:       0       2

Lalith M Tuesday, 24 August 2021 02:48 PM

මාලබේ කොටුව මොනෝ රේල් ව්‍යාපෘතිය. සිහිනයක් පමණක්ම වූ වගයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම තක්කඩිකමක්
2024 පෙබරවාරි මස 21 0 0

රට බංකොළොත් කළ මහ බැංකුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරගැනීම තක්කඩිකමක් බවත් මෙරට ජනතාව වැටුප් වැඩිකරන ලෙස උද්ඝෝෂණ කළත් ඒ සඳහා මුදල් නැතැයි ආණ්ඩුව පැවසූ බ


ලක්ෂ 12 ක කුඩු සමඟ අඹු-සැමි යුවළ දැලේ
2024 පෙබරවාරි මස 21 12 0

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා හෙරොයින් මත්කුඩු බෙදා හැරීමේ නිරතව සිටි ’’තඹුත්තේගම අක්කා’’ නමින් ප්‍රචලිත කාන්තාවක් සහ ඇගේ සැමියා ලක්ෂ 12ට ආසන්න හෙරොය


මහ බැංකුව තමාට බෙදා ගැනීම වැරදියි
2024 පෙබරවාරි මස 21 88 0

හැන්ද තිබෙන මහ බැංකුව තමාටම බෙදා ගැනීම වැරදි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයි යෝජනාවක්
2024 පෙබරවාරි මස 21 35 0

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කරන්නයිවූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළේය.


සිසුවිය හප්පා යතුරුපැදිකරු පලා යයි
2024 පෙබරවාරි මස 21 289 0

මඩිතියවල ප්‍රාථමික විදුහල අසලදී පාර මාරු වෙමින් සිටි අට හැවිරිදි පාසල් සිසුවියක හප්පා යතුරුපැදිකරු පලාගොස් ඇතැයි පොලීසිය කියයි.


භාණ්ඩ කීපයක ආනයන බද්ද ඉහළට
2024 පෙබරවාරි මස 21 1005 0

භාණ්ඩ කීපයක ආනයන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 126 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 216 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 244 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site