
ජපානයේ හිටපු ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිහිඩේ සුගා මහතා අද (16) නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය.
ජපානයේ වැඩි ම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ ෂින්සෝ අබේ මහතා දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එරට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමඟ, ජපාන අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු විය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ එරට පාලක පක්ෂයේ නායකයාට ය. ෂින්සෝ අබේ මහතා ඉකුත් මාසයේදී අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස්වූයේය.
ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා තෝරාගැනීම සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් පැවැත්විණි. එහිදි පහසු ජයක් අත්පත් කරගැනීමට යොෂිහිඩේ සුගා මහතා සමත් විය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා තෝරාගැනීම සඳහා ජපාන පාර්ලිමේන්තුවේ ද ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එයින් ද පහසු ජයක් ලබාගැනීමට සුගා මහතා සමත් වූයේය. ජපාන පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ය.
යොෂිහිඩේ සුගා මේ වනවිට 71 වැනි වියේ පසුවෙයි. ෂින්සෝ අබේ මහතා ඔහුගේ ධුර කාලයේදී අනුගමනය කළ විදෙස් සහ ආර්ථික ඇතුළු ප්‍රතිපත්ති අනුගමනය කරන බව ට ද සුගා ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව සිය නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට ද සුගා පියවර ගත්තේ ය. ඇතැම් අමාත්‍යවරුන්ට ඔවුන් කලින් හෙබ වූ අමාත්‍ය ධුර හිමි ව තිබේ. ඒ අතර විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සහ මුදල් අමාත්‍ය තාරෝ අසෝ යන මහත්වරු ද වෙති.
ෂින්සෝ අබේගේ සොහොයුරා වන නොබුවෝ කිෂි ජපානයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වූයේය. නොබුවෝ කිෂි උපන් අවස්ථාවේදීම, අබේගේ මවගේ පාර්ශවයේ ඥාතී මාමා කෙනකු ඔහු හදාවඩා ගෙන ඇති අතර නොබුවෝ කිෂිට ඇත්තේ එම මාමාගේ වාස ගම ය. මීට පෙර ආරක්ෂක අමාත්‍ය ධුරය හෙබ වූ තාරෝ කොනෝ මහතා නව පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස තේරී පත්වී ඇත.
නව අග්‍රාමාත්‍ය සුගා, ෂින්සෝ අබේගේ ප්‍රතිපත්ති අනුගමනය කළ ද ඔහු ඉදිරියේදී වෙනස්කම් කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
(ඒ.එෆ්.පී.)
055
2025 නොවැම්බර් මස 04
54
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2007
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපාන අගමැති යොෂිහිඩේ සුගා
විජේ Thursday, 17 September 2020 04:38 AM
ඒකට අපේ ඉන්න අබේලා, සුගාලා. බැල්ම දාගෙන ඉන්නෙ බලේට...