IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ජන බල මෙහෙයුමේ සංවිධානයට මන්ත්‍රීවරුන් ගමට යවයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දෙන ලෙසට බල කරමින් කොළඹට එන ජන බල මෙහෙයුමේ සංවිධාන කටයුතු සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් මේ සති අන්තයේ තම මැතිවරණ බල ප්‍රදේශවල සංවිධාන කටයුතුවල නිරත වන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව දෙසැම්බර් 08 සහ 09 යන දින දෙක ජන බල මෙහෙයුම සඳහා ජනතාව පෙළ ගැස්වීමට යොදා ගැනීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමේදී තීරණය විය.

පාර්ලිමේන්තුවේ බහුතර සහය ලබන රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය දෙන ලෙස බල කරමින් දින තුනක් පුරා ජන බල මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් මීට පෙර තීරණය කර තිබිණි.

ජන බල මෙහෙයුමේ අවසන් දිනයේදී ලක්ෂ දෙකක ජනකායක් සමඟ කොළඹට ඇතුළුවන බවත් ජන බල මෙහෙයුමේ ගමනාන්තය එදින පස්වරු 2.00ට මෙහෙයුමට සහභාගී වන ජනතාවට දැනුම්දෙන බවත් එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතා පැවැසීය.

 



අදහස් (14)

ජන බල මෙහෙයුමේ සංවිධානයට මන්ත්‍රීවරුන් ගමට යවයි

kamal Wednesday, 05 December 2018 10:17 AM

ගමට එනකන් තමයි අපිත් බලන් ඉන්නේ. අපිටත් තියෙනවා පසුගිය අවුරුදු 3 1/2 කරපුව ගැන ගොඩාක් ප්‍රශ්න ..එන්නකෝ බලන්න ..

:       204       582

Bandula. Wednesday, 05 December 2018 11:43 AM

අනේ මන්දා තාමත් අර වානර කාලේ වගේ අය ඉන්නවනේ මේවට පව් ගෙවන, නාඩගම්.

:       0       1

Raveendra Wednesday, 05 December 2018 11:48 AM

මල්ලියේ ඔහෙත් යනවනේ ගමට ..?? යන්න යන්න මලය එනකම් තමා ගමේ මිනිස්සු මග බලාගෙන ඉන්නේ ඒ යනාකොට මලයාගේ මුනත්තහඩුව නම් වෙනස් කරගෙන ගියොත් හොදා හරි යෑ.......

:       0       28

විජිත් Wednesday, 05 December 2018 12:05 PM

මෙහෙ එහෙම එන්නේ නැහැ... බල්ලන් ලිහා ඇත .

:       129       513

indra Wednesday, 05 December 2018 12:32 PM

ගමට ගිහින් වූ අවනඩුව ගැන කියල‍ා ආයිමත් පත්කර ගන්න නියම නායකතුමා... අපිත් මෙතුමාව පත්කර ගන්න දායක වුණා. අද ඒ ශාපය අපටම වැදිලා ගමට ගිහින් ජනබලය අරගෙන මොකද කරන්නේ කියලා දැන් ජනතාව හොඳින් දන්නවා රට අගාධයට වැටිලා... නඩු අසමින් කාලය කා දමනවාට වඩා හොඳ මැතිවරණයක් පැවැත්වීමයි.. නීතිය හොයමින් බලන්නේ අපට වාසියක් වෙයි කියලා... නැතුව ජනතාවට වාසිගේන්න නොවේ.. රටේ සිටින සියලු නඩුකාරතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ රටේ පුරවැසියන් වශයෙන් හිතලා මේ ගැන තීන්දුවක් ගන්න කයලයි.

:       177       755

Aththa sathyapala Wednesday, 05 December 2018 01:08 PM

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන බව කලින්ම දැනගෙන. මන්ත්‍රීවරු ගමට යන්නේ ඡන්දෙට ලෑස්ති වෙන්න. මේක තමයි ඇත්ත කතාව..

:       124       119

සමන්ත Wednesday, 05 December 2018 03:49 PM

හිටගෙනද?

:       23       6

කර්තෘ Thursday, 06 December 2018 07:02 PM

ප්‍රශ්නයට අදාලව පිළිතුරු ලියන්න.

:       0       0

Bamunuarachchi Wednesday, 05 December 2018 03:43 PM

එන්න එන්න ගමට එන්න එනකම් බලාගෙන ඉන්නේ. ආච්චි මිදුල අතු ගගා හිටිය ඉලපත දොරකඩම තියලා ගෙට ආවා. අර ගොයියෝ ගෙදොරකඩට ආවොත් ඕනවෙන නිසා කියලා.

:       0       16

Girigoris polonnaruwa Wednesday, 05 December 2018 04:26 PM

ගමරාලගේ ගේ වටලා සරම ඔලුවේ ඔතා වේලක හිටවිය යුතුමයි.

:       36       0

Pissu pusa Wednesday, 05 December 2018 06:47 PM

ගමටනම් එන්න එපා. අපිට කල දේවල් හොඳට මතකයි.

:       0       18

Appuhami Thursday, 06 December 2018 02:14 AM

ගමේ සංවර්ධනය අවුරුදු 3ක් නෑ ගම්මු හු කියයි.

:       0       1

Ranbandara Thursday, 06 December 2018 02:23 AM

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණය මතකද දන්නේ නැහැ.

:       0       1

Bandula. Thursday, 06 December 2018 04:49 AM

ලැජ්ජා නැති කමක හැටි....වසර 3 ක්ම කරපු දේකුත් නැහැ නිකන් සල්ලි කකා දගලනවා ...............

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25614 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18151 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 593 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 837 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site