(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (21) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන 27 වැනිදාට කල්දමා ඇත.

ඒ අනුව මෙම සාකච්ඡාව ලබන 27 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින් සහභාගී වන බවද එම ප්‍රකාශකයා කීවේය.

නිදහස් පක්ෂයට ආණ්ඩුව තුළ පවතින යම් යම් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.