(අංජුල මහික වීරරත්න)
බලය බෙදා හැරීම සම්බන්ධයෙන් සියලු පක්ෂ වල යම් එකඟතාවයක් ඇතිවී තිබෙන හෙයින් ඒ පිළිබඳව වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ සර්ව පාක්ෂික නියෝජිතයින් අද (28) එකඟතාවයකට පැමිණ තිබේ.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුව සිදුවී ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ , ලක්ෂ්මන් කිරිඇල්ල , රාජිත සේනාරත්න, රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී දිගම්බරම් යන අමාත්‍යවරුද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන්,එච් සුමන්තිරන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා,සරත් අමුණුගම,ඩිලාන් පෙරේරා යන මහත්වරු ඊට සහභාගි වූහ.
ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේදී විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය පිළිබඳව වාද විවාද ඇති හෙයින් කළ හැකි දේ මේ අවස්ථාවේදී කළයුතු බව සියලුම පක්ෂ නියෝජිතයන්ගේ අදහස වී තිබේ.
ඒ අනුව බලය බෙදීම පිළිබඳව වන සාකච්ඡා ඉදිරියට ගෙන යාමට තීරණය වී ඇත.
පළාත් සභා වල බලය බෙදීම පිළිබඳව ඉල්ලා ඇත්තේ උතුරේ මහ ඇමැතිවරුන් පමණක් නොවන බවත් දකුණේ මහ ඇමැතිවරුන්ද එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවත් ඉහත හමුවේදී සාකච්ඡාවට ලක් වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවැසීය.
මත ගැටුම් ඇති කරුණු පසුවට කල් තබා දැනට යම් එකඟතාවයකට පැමිණ ඇති බලය බෙදීම යන කාරනා පිළිබඳව සාකච්ඡා ඉදිරියට ගෙනයාමට තීරණය වූ බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවතේ පෙනෙන හැටියට නම් කට්ටිය බලය බෙදීම යන්නේ අදහස් කරන්නේ 'එක එක දේශපාලන තනතුරුවලට බලය බෙදා ගැනීම' මිසක් ජනතාව අතට බලය ලැබෙන වැඩ පිළිවෙලක් නෙමෙයි. පක්ෂ නායකයින්ට ඕනත් එච්චරයි, මහ ඇමතිවරුන්ට ඕනත් එච්චරයි. අමුතු බලය බෙදිල්ලක් නැතුව, දැන් ඔය තියෙන බලය හරියට පාවිච්චි කරනවා නම් රට ගොඩ ගන්න එක කොච්චර ලේසිද කියල විගණකාධිපති, නාගානන්ද වැනි අය ඊයේ පෙරේදත් පැහැදිලි කළා.
බලය බෙදිල්ල ඕනේ පාලකයින්ට මහා රජාල වගේ සැප විදින්න,ප්‍රශ්න විසදන්න ඕනේ කමක් තියෙන අය 225 ඉන්නේ අතලොස්සයි.
මොනවද මේ විහිලු. චන්දය ලගයිනේ
අපේ පුංචි රට කෑලි කෑලි වලට කඩලා දමන්නයි මේ සුදානම. එහෙනම් දෙමලුන්ගේ උවමනාව ඉෂ්ට වෙනවා අනේ අපේ රටට වෙන්නයන දේ? තව ටික දවසකින් මෙරට බල්ලෝ කාපු පොල්මුඩ්ඩ වගේ සිටීවි. අපි මේ මහා යුද්දයක් කලේ රටට මේදේ කරගන්නද? මහින්ද මහතානනී 10% දෙමල්ලු වෙනුවෙන් මෙරට පාවාදෙන්න එපා. අපි සිංහලයෝ.
අනේ රටට මේදේ වෙනවා දකින්න අපි ඉතුරු උනානේ. හමුදා දරුවනී නුඹලා ජීවිත් දුන්නේ අබ්බගාතයෝ උනේ මුන්ගේ පැවැත්මටද? සර්ව පාක්ෂිකයෝ කියා ගන්න කීප දෙනෙකුගේ මේ වැඩට රටේ ජනතාව කැමතිද.? අනේ 62 නුඹලා රටට කරපු නස්පැත්තිය.
මේක කියෙවුආම මට කලන්තය වගේ උනා. අනේ අපේ රටට වෙච්ච දී. එහෙනම් දෙමල්ලු දිනුවා සිංහල අපි පරාදයි. රට ෆෙඩරල් වෙනවා දකින්න කලින් මිය පරලොව යා යුතුයි
මං මේකෙ හෙඩිම වෙනස් කරන්නද? "මංකොල්ල කාරයෝ එකතු වී හොරකම් කරන්නේ කෙසේදැයි එකඟතාවයකට පැමිණේ"...
මේ ඔක්කොම ඡන්ද කෑදරකමට රට උන්ට පවාදෙන්න කැමැතියි කියන එකද මේ කියන්නේ?