IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන කිසිදු වාර්තාවක් තවම නැහැ

(නිමල කොඩිතුවක්කු)
 

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ සති දෙකක් තුළ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පවසා සති දෙකක් ඉක්මවා ගියද එවැනි කිසිදු වාර්තාවක් මෙතෙක් ඉදිරිපත් වී නැතැයි සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර  වෙළෙඳ නියෝජ්‍ය  අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා පැවැසීය.
 
 
එම ඝාතන කුමණ්ත‍්‍රණ කරු පිළිබඳ දැන ගැනීමටත් ඔහුට දඩුවම් කිරිමටත්  එක්සත් ජාතික පක්ෂයත් බොහෝ උනන්දුවෙන් කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ  පිහිටි සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ  කටයුතු පිළිබඳ  අමාත්‍යාංශයේ අද(13)  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.


එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා මෙසේද කීය.

 
‘‘ජනාධිපති ඝාතන කුමණ්ත‍්‍රණය පිළිබඳ   ජනාධිපතිවරයා ප‍්‍රකාශයක් සිදුකරමින් පැවසුවා එතුමා සති දෙකක් ඇතුලත මේ පිළිබඳ  වාර්තාවක්  ඉදිරිපත් කරනවා කියළා. දැන් ඒ සති දෙක ඉක්මවා ගිහින් තියෙනවා. අපිත් බොහොම උනන්දුවෙන් ඉන්නේ  කවුද මේ කමන්ත‍්‍රණ කරු කවුද  මේකට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා හොයලා  බලන්න. නමුත් තවම ඒ වාර්ථාව ලැබිලා නැහැ.
 
 
අපි මාධ්‍යයෙනුත්  ඉල්ලා සිටිනවා මේ වාර්තාව පිළිබඳ  විමසන්න කියලා.  මොකද මේවා යටවෙන්න දෙන්න බැහැ. මොකද ජනාධිපතිවරයා ඝාතනය කරනවා කියන්නේ  ලේසි පහසු වැඩක් නෙමෙයි.  නාමල් කුමාර කියන පුද්ගළයා නොදන්න කෙනෙක් ගානට පත්වුනා  දැන් ගොඩක් අයට ඔහුව අමතක වෙලා තියෙනවා. මේ කුමණ්ත‍්‍රණකරුවෝ හොයල ඒ අයට දඬුවම් ලබාදිය යුතුයි.

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 


              



අදහස් (0)

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන කිසිදු වාර්තාවක් තවම නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site