(චන්ද්‍ර සේන ගමගේ)
ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්නොකළහොත් රට පුරා සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් කොළඹට කැඳවා කොළඹ නගරය වටලන බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (26) සවස තංගල්ලේ දී පැවසීය.
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය මගින් පවත්වනු ලැබූ බහු දින ධීවර යාත්‍රා නියමු වැඩසටහනට සහභාගි වූවන් සඳහා සහතික පත්‍ර ලබාදීමේ උත්සවයේදී රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ධීවර රාජ්‍ය ඇමතිවරයා මෙසේද පැවැසීය.
‘‘ජනාධිපති මැතිවරණයේ එ.ජා.ප.යේ ජනාධිපති අපෙක්ෂකයා දින 10ක් තුළ නම් කරන ලෙසට අපි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් වැඩක් කළ හොරකම දූෂණය නැති සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අපේ ජනාධිපති අපේක්ෂකයා කරන ලෙසට මේ රටේ ආගමික නායකයින් , පාර්ලිමෙන්තුවේ ඉන්න එ.ජා.ප මන්ත්‍රීවරුන් සහ මේ රටේ පොදු මහජනතාව සජිත් ප්‍රේමදාස මහතාට එ.ජා.ප යේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කියා ඉල්ලීමක් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා තිබෙනවා.
එවැනි ඉල්ලීම් වලට ඇහුම් කන් දෙන්නේ නැතිනම් රට පුරා ඉන්න එජාප පාක්ෂකියින් කොළඹට කැඳවා දැවැන්ත උද්ඝෝෂොණයකට අපි යනවා.
94 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පැරදුනාම කතරගම පැවති සම්මේලනයේදී එතුමා පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න සූදානම් වුණා.
නමුත් අපි එතුමාට එසේ නායකත්වයෙන් ඉවත් වෙන්න එපා කියා ඉල්ලීමක් කළා.එතැන් පටන් එතුමා විපක්ෂ නායකයා ලෙස මේ රටේ අවුරුදු 25 ක් හිටියා.
දැන් එ.ජා.ප.ට ජනාධිපතිවරයෙකු බිහි කර ගන්න අවස්ථාව ලැබී තිබෙනවා. එය ජයග්‍රහණය කරන්න පුළුවන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට දැම්මොත් පමණයි.
එම අවස්ථාව මග නොහරින ලෙසට මම අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.‘‘
COMMENTS
සජිත් නෙමෙයි, කවුරු දැම්මත් මේ පාර ඔයාලා හබක් මහත්මයා..., එ් තරමට මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ...
මේ මහත්තයා එහෙම කියනවා. ඒ අතරේ අනික් මහත්තයා " සජිත්ට අපේක්ෂකත්වය ලබාදීමට බල කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන" බව කියනවා. එ් මහත්තයා කියන්නේ " මේ වැඩේ කෙරුනේ නැත්නම් තමන්ගේ කීර්ති නාමයට කැළලක් වෙන නිසා බණ්ඩාරගම ආසනයෙන් දහදහසකට අධික එජාප සාමාජිකයින් පිරිසක් පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරය ඉදිරිපිටට ගෙන්වා එහි වේදිකාවක් ඉදිකර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද මාරාන්තික උපවාසය ආරම්භ කරන" බවයි. කාටද දන්නේ නැහැ පිස්සු. පක්ෂයක තීරණයක් මේ අන්දමට "තගදමා" වෙනස් කරවා ගන්න හදන මේ මහත්තුරු මැතිවරණයේදී ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කරනු නොඅනුමානයි. මෙතෙක් කාලයක් පක්ෂයේ ආසන මට්ටමේ ශාඛා සමිති පිහිටුවා පාක්ෂිකයින් බඳවා ගැනීම් වැනි කිසිම කටයුත්තකට සහභාගී නොවුන අර දින 52 කාලයේ අහලකවත් පෙනෙන්නට නොසිටි කෙනෙක් කොහොමද එකම සුදුස්සා වෙන්නේ...? අගමැතිවරයා කියන්නේ ඔය අටවන්න යන සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කර අවසන් වූ පසුව ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවයි. ඔහු කියන්නේ " ප්‍රතිපත්තියක් නැතුව අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් වැඩක් වෙන්නේ නැති" බවයි. ඔය අවුල නිර්මාණය කළ අරයට නම් හිනා ඇති...
අම්මට සිරි සජිත් ඔය ගොල්ලන්ගේ දෙයියන්ද?
කොළඹ නෙවෙයි සිරිකොත වටලන්න...
150 අධිබල හෝර්ස් පවර් පෙට්‍රල් එන්ජින් දෙකක්ම දාලා කැබින් එකත් ඒසී කරලා. ටිකට් එකක් කීයද...? මේවා හොඳයි රුපියල් 1000ක් විතර දීලා බේරේ වැවේ ඩ්‍රින්ක් එකක් දාන්න. නැතුව හදිස්සියට කොටුවේ ඉඳලා යූනියන් ප්ලේස් වලට මේකේ නිකන් කෙනෙක් ගියොත් විකිණෙනවා. බස් එකේ මිලට ගෙනිච්චොත් එහෙම ශ්‍රී ලංකන් එකේ පාඩු පියවනවා වගේ මේකේ නොයන උන්ගෙනුත් අය කරයි. ඡන්ද ගුණ්ඩු තමයි. දැන් ඉතින් කියන්න පුළුවන්නේ අපි ජාල මාර්ග වලිනුත් ගමනාගමනය පටන් ගන්න යන්නේ කියලා...
කට්ටියම එපා වෙලා නිසා දෙකට බෙදිලා පොරකනවා වගේ පෙන්නලා ආයෙත් මිනිස්සුන්ගේ කැමැත්ත දිනාගෙන අන්තිමේ දෙන්නම කැමැත්තෙන් එකතු වුනා කියල අර රවට්ටගත්තු මිනිස්සු ටික දැලේ දාගන්න නේද හදන්නේ? මෙව්වට අහුවෙන අයට මොන සංවර්ධනයක්ද.
කොළඹ තියනවා “බේරේ” කියලා වැවක්... මේ මිනිස්සු අවසාන වෙන්න ඕනේ එතැනයි...
පක්ෂය ඇතුලේ ප්‍රශ්න විසඳාගන්න බැරිනම් සිරිකොතට වටලන්න. බොරුවට පාරවල් ගානේ මිනිසුන්ට වදයක් නොවේ..
පෘතුගාලය, කොළඹ අල්ලා ඉන්න කාලේ තමා සීතාවක රජ්ජුරුවෝ කොළඹ වැටලුවේ. අන්තිමට හිස් අතින් අාපසු යන්න වුණානේ... ඔය කතාව කිව්ව මහත්මයා සීතාවක පැත්තෙන්ද?
හාමු මහත්තයා ඕක පක්ශේ කාටවත් දෙන්නේ නෑ. මහින්ද වගේ වෙනම බලවේගයක් හදාගෙන යන එක තමයි වෙන්න ඕනේ... ඔය පරණ පක්ෂ අතුගෑවිලා යන තරමට රටට හොඳයි..
අනුර දිසානායක, නාගනන්ද, පල්ලෙවත්තේ වගේ බුද්ධිමත් අදහස් දරන පිරිසක් අද කියන්නේ මේ වගේ කතා කියන, පාරවල් වල උපවාස කරන විප්ලවකාරීන්ගෙන් ගැලවිලා, අලුත් ක්‍රමවේදයක් පිලිබඳව හිතන්න තරුණ තරුණයිනි. ඉදිරියට එන මැතිවරණය ඉතාම වැදගත්. ඔබලාගේ අනාගතය තීරණය වන්නේ එදාට. පරණ සෙට් එකම අවලංගු කල යුතුයි.
කොළඹ වටලන්න. හරියට මෙයාලගේ බූදලයක් වගේ කොළඹ
චන්ඩිකමින් ඡන්දය ගන්න හදන පක්ෂය බවට එජාප ය පත් වූ බවයි මෙයින් පෙනී යන්නේ. තව දිනුවොත් කොහොමද?
එන්නකෝ බලන්න කොළොඹට...
රනිල්ගේ අදහස අනුරට යුඇන්පී සහය දීල අයෙමත් විපක්ෂ නායක වෙන්න වගේ.
දැන් ඔහොම නම් දිනුවොත් මොනවා වටලයිද. ජනතා බලාපොරොත්තු ඕව නොවේ.
එච්චර ම බංකොලොත් වෙලාද....? අනික සජිත් එන්නෙ ඔක්කොම නිකං දෙන්න ....එහෙම දෙන්න මහ භාන්ඩාගාරෙට සල්ලි උනනවද කොහෙන්හරි...? ලගදි දැක්ක ඩිජිටල් යුගය ක් කරනව කියල කියනව.... ඒත්.. මුඩුක්කු වගේ ගෙවල් හදනවා .... ඒව අදට නොගැලපෙන්නක් ගමකට ගෙවල් ඇයි බැරි පොඩි ඉඩක අපාට්මන්ට් හදල ඉතිරි අනික් ඉඩම් වල කෑමට වගා කරගන්න කියල ඒ අයටම දෙන්න
මේ වගේ මොලේ විකල් අයද ජනතාවගේ නියෝජිතයෝ වෙන්න බල්ලනේ?
සහතික පත්‍ර ලබාදීමේ උත්සවයේදී මේ වගේ කතාවල් කරන්න තරම් අද ඉන්න ඇමතිලා බුද්ධිමත් වෙලා.
ඇමති සජිත්ව අමාරුවේ දාන්න වගේ හදන්නේ. අඩු ගානේ ඇමති සජිත් වගේ උඩ රැවුල කපලවත් කිව්වනම් හදවතින්මයි කියන්නේ කියල හිතා ගන්න පුළුවන්.
පිස්සුද මේ සිගිති මන්ත්‍රිලට.
පක්ෂ පාට වලින් ඇත්වෙලා බුද්ධිමත්ව ඉදිරිය ගැන සිතන්න.මේ සදහා අලුත් බලවේගයක් ක්‍රියාත්මක වේ.
කොළඹ වටලන්න ? අඩු ගානේ කොළඹ සිතියම වත් දැකලා තියෙනවද? වටලන්න තියා හදිස්සියකට කිලෝ මීටරයක් යන්න බැහැ පැය බාගෙයක් වැය නොකර.. වටලන්න කතාව. ලංකාවේ ඉන්නවා පරණ මී හරක්. මොන පක්ෂෙන් කිව්වත් බත් මුලයි ගල් බාගෙයි දුන්නම ට්‍රුම්ප් වෙනුවෙන් හරි පෙළපාලි යන්න.
මොන උපවාසය කලත්, මොන වැටලීම් කලත් ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ . ජනතාව හොදටම හෙම්බත් වෙලා ඉන්නේ . සුරඟන කතා වලට ජනතාව රැවටෙන්නේ නැහැ .
මේ වගේ අදහස් තියෙන මිනිස්සුන්ට ඡන්දෙ දුන්න මිනිස්සුන්ටයි ගහන්න ඕන.
අපි කොහොමත් සජිත් මහතා එක්කයි.
වටලලා ගෙන්න තරම් දෙයක් නෑ..... ණයට අරන් ගෙවල් හදල කන්න දුන්නු යුගය දැන් ඉවරයි. විදිමත් පිළිගත හැකි වැඩ පිළිවෙලක් දැක්මක් නැතුව නිකන් වන්දීය පූජනීය අර්යාවෝ එක්ක කරන්ඩ පුළුවන් දෙයක් නමේ මේක. වද නොදී ඉන්ට අනේ.
ඔය පක්ෂයේ ඔය වගේම නුගත් පිරිසක් තවත් ගොඩක් ඉන්නව මුළු සිරිකොතම මෙහෙම තමයි.
ජනාධිපත්වරණය දිනන්නේ කවුද කියලා ඡන්න්දය තිබ්බට පහුවෙනිදා කටත් දැනගන්න පුළුවන්. රනිල් ගැන ඇහැව්වොත් කව්රුත් කියන්නේ ටලිෆොන් කෝල් එකකින් ලෝකේ ඕනෑම රාජ්‍ය නායකයෙක් මෙහෙයවියැහැකි ජාත්‍යන්තර කිර්තිය දිනු, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයෙහි සාමාජිකයෙකු වූ,1970 දී කැළණි ප්‍රධාන සංවිධායක 1977 දී බියගම ප්‍රධාන සංවිධායක 1977 සිට විදේශ කටයුතු රැකියා හා තරුණ කටයුතු අධ්‍යාපන කර්මාන්ත යන ඇමතිකම් ද 1994 දී පක්ෂ නායක1993-1994 2001-2004 2015 - 2018 ඔක්තොබෙර් හා 2018 ඔක්තොබෙර් සිට මේ දක්වා 4-වරක් අගමැති පදවිය දැරූ විරුද්ධ පක්ෂ නායක කම දැරූ දේශපාලනය පිළබඳ පලපුරුද්දෙන්ම ලැබූ හසල බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රික ඥානයක් ඇති ඕනෑම බැරෑරුම් ප්‍රශ්නයක් හමුවේ ගැඹුරු මහා සයුර සේ නොසැලී තීන්දු තීරණ ගන්නා අයෙකු බවය. සජිත් ගැන ඇහැව්වොත් කවුරුත් කියන්නේ රනිල්ගේ නායකත්වය යටතේ 2001-2004 සෞඛ්‍ය උප ඇමති කම හා 2015 සිට නිවාස හා ඉදිකිරීම් ඇමති කම ද 2015 ජනපතිවරණයට පෙර රනිල් එලවා පක්ෂ නායකයා වෙන්න පිරිසක් සමග ගල් මුල් පහර එල්ලකර රනිල් විරෝධී මතවාදීන්ට සහය දී මෛත්‍රී ජනපති වීමෙන් පසු බලෙන් ජනපති වෙන්න හදන බවය
අනේ අපොයි , දෙයියන්ගේ නාමෙට කොළොඹ වටලන්න ඉස්සෙල්ල , නගර සභාවට දන්වල වැසිකිලි පහසුකම් සලස්සන්න . මීට ඉස්සෙල්ල එක කට්ටියක් කොළබ වටලන්න ගිහින් මුළු ප්‍රධාන නගරයම ගද ගැස්සෙව්වනේ. මොකද එක්කගෙන එන්නේ එතනෝල් කාරයෝ ටිකනේ සල්ලි වලට . මුළු ලෝකෙටම අපේ දේශපාලනේ දැන් ගද ගහලයි තියෙන්නේ . මහත්මා ගතිගුණ ඇත්තෙක් සොයන්න කොහොමත් අමාරුයි.
මේ දවස්වල සජිත් ගහේ නග්ගන්න හදන මහින්ද හා මෛත්‍රිවටා ඉන්න පිරිස තමයි සජිත්ගේ පෙළපාලි හා රැස්වීම්වල සජිත්ව ඕනේ කියලා කෑගහමින් වැඩිපුර ඉන්නේ... එජාප පාක්ෂිකයෝ බහුතරය පක්ෂ විනය කඩකර ඒකාධිපති මන්ද බුද්ධික මැරවරයෙකු සේ පක්ෂ නායකයා බිය ගන්වා ජනපති වෙන්න හදන නිසා පක්ෂය හෑල්ලුවෙනවා කියලා දැන් සජිත් එක්ක තරහින් ඉන්නේ. සජිත් කියන කරන ඒවා කරලා විවිධ ජාති, ආගම් දේශපාලන මතවාද ලෝක බලපෑම් පාලනය කර නවීන තාක්ෂණික ලෝකයෙහි වත්මන් ආර්ථික රටාව සමග පෑහී ණය නැතිව ජිවත්විය හැකි රටක් බවට මේ රට පත්කරන්න කෙසේවත් බැරිය. ඒ සඳහා ඒ ඒ විෂය ඥානය සමග පලපුරුද්ද නිසිපරිදි ඇති පුද්ගලයින්ගෙන් සැදුම්ලත් අැමැති මණ්ඩලයක් සහිත රජයක් අවශ්‍ය වන්නේය. තනි මතයට කිසිවෙකුට කළ නොහැකි මේ පාලනය තමන් කරන බව කියන හැමකෙනාම මහාබොරු කාරයින්ය. ඉදිරි ජනපතිවරණයෙන් දිනන කිසිවෙකුට තනිමතයට ක්‍රියාකිරීමේ නීත්‍යානුකූල බලයක් නැති අතර පාර්ලිමේන්තුව සමග සාමූහිකව ක්‍රියාකරමින් සමාජ මෙහෙවර කළයුතුව ඇත.