(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් අතර හමුවක් හෙට (22) පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කැඳවා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී හා ඊට පෙර සිදුකළ යුතු දේවල් සහ සිදු නොකළ යුතු දේවල් පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරෙනු ඇතැයි ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමටද නියමිතය.
මෙම හමුව සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, නිත්‍ය නියෝජිතයන් සහ ඡන්ද නියෝජිතයන් ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
කන්තෝරුවේ ඉඩ තියෙනවද ඔක්කොම ඉන්න..? කොහොම වුනත් සභාපතිතුමා කියන්න යන දේවලුත් ඒවාට එකඟව කට්ටිය ඇට්ටි හැලෙන්න දෙන ප්‍රකාශත්, ඊට පස්සේ එළියට යන ගමන් පස්ස පැත්තෙන් හිනාවෙන හැටිත් ගිහිල්ලා සකලවිධ පොරොන්දුම කඩන හැටිත් කියන ඔය රූප රාමු පෙළ අපට හොඳට කට පාඩම්...
ඔතන කිසිකෙනෙකුට ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන්න එපා. නීතිමාලාව අතට දෙන ගමන් අත්සනක් අරගෙන, පිළිපැද්දේ නැතිනම් දෙන දඬුවමක් කියලා දෙන්න පරාජිත වෙලා ඉන්න අතන මෙතන එල්ලිලා ඉන්න කාලකන්නින්ට එන්නට දෙන්නම එපා. අඩුම තරමේ අපොස සාපෙ වත් සමත් අය ඇතුළට ගන්න. ඔරිජිනල් සහතිකය පෙන්වලා ඇතුලට ගන්න. වතුර බෝතලයක්, බුලත්විටක් ගෙදරින් අරගෙන එන්න කියන්න.