බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතා රට පාලනය කරමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන අයුරින් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළ ආකාරයෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද ලාල්කාන්ත මහතා ‘ලංකාදීප’ සඳුඳා හමුව දේශපාලන සාකච්ඡාවට අදහස් දක්වමින් කීය.
රටේ නීතියේ පාලනය පිහිටුවීමට නම් ජනාධිපතිවරයා ධූරයෙන් පහ කළ යුතු යැයි කී හෙතෙම ඒ සඳහා දෝෂාභියෝග යෝජනාවක් සම්මත කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ජනපති නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත්වීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමු වරට කඩ කළ බවට සහතික වී යැයි ද හරි නම් ඒ දිනයේම ජනාධිපතිවරයා ගෞරවාන්විතව අස්විය යුතුව තිබුණේ යැයි ද ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
මේ වනවිට මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කළ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා එහි ප්‍රමුඛ ප්‍රකාශකයකු වී ඇතැයි ද ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කුජීත ජනාධිපතිවරයෙක් ඉතිහාසයේ කවදාවත් ඉඳල නෑ. එල්ලුම් ගහක් අල්ලාගෙන දැන් බොරුවට වීරයා වෙන්න හදනවා. එල්ලුම් ගස් යවන්න ඕනෑ රටේ දේපල කොල්ල කාපු අය දැන් සුදනෝ වගේ පාර්ලිමේන්තුවට වෙලා ඉන්නවා...
පාතාලය කුඩුකාරයො අල්ලන නිසා බයවෙලා වගේ
මේ මිනිස්සු මොන දේ කළත් ඇදයක් විතරයි කියන්නේ, සේරටම කලින් මෙවැනි මිනිස්සු ගැන තීරණයක් ගන්න ඕනෑ..
ඇයි ජවිපෙ එකේ හොරු ටිකට දැන් මළපහ යන්න පටන් අරන් වගේ... මොකද කුඩු අල්ලනකොට බය වෙලාද? ඔයාලා තමයි මේ රට කෑවේ...
මොකක්ද ජෙප්පෝ රනිල්ව ජනාධිපති කරන්න කියලා පගාවක් වත් ලැබුණාද? ජෙප්පෝ තමයි මෙරට කෑවේ...
මෙය නොකළ යුතු දෙයක් .වර්තමානයේ රට මත්ද්‍ර්‍යව්‍ය ,මංකොල්ල ,මිනීමැරුම් වලින් පිරිල .එවන් අවදියක ජනාධිපතිතුමා මේ කරන වැඩපිළිවෙළට බාධාවක් මෙමගින් සිදුවෙනවා .මේ අවස්ථාවේ ජේවිපිය සිදුකළ යුත්තේ රටේ තරුණ පරපුර පාසල් දරුවන් මෙම ව්‍යසන වලින් ආරක්ෂා කරගන්න අවශ්‍ය වැඩ පිලිවෙලක් ඉදිරිපත් කිරීමයි .බොරදියෙ මාලු බෑම නොකල යුතුයි .
රතු අලි කවුද කියල මුළු රටම දන්නවා.
විශිෂ්ඨයි
ජවිපය එකට සාමාන්‍ය දැනුම දෙන්නේ කොහොමද අප්පා?
දිව දෙකේ පාලකයන් එලවිය යුතුය. දැන්වත් එකතුව එලවන්න කටයුතු කරන්න. එක වරක් ව්‍යවස්ථාව උල්ලංඝණය කරාට මොනවත් එයාට වුනේ නෑ නේ.ඉතින් මිනිහා ඉස්සරහටත් ඕක කඩමින් තමයි යන්නේ.
ජනතා විමුක්ක්ති පෙරෙමුණ කවදත් කඩාකප්පල් වැඩවලට නැඹුරුව වැඩිය . අතීතයේ හිටපු ජනධිපතිලත් එක්ක බලනකොට මේ ජනාධිපති නරක නැහැ . සමහර ජනධිපතිලගේ කාලවල රට විශාල මහනුවරක් කරලා තිබුණ බව මේ බබාලට මතක නැහැ වගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නගාසිටුවන්න ජවිපෙ කරල තියෙන්නෙ මොකක්ද . ජවිපෙ එක සමාජවාදය සහ විප්ලවය ගැන නේද කතාකරන්නේ මෙයාල හරියට අග මුල පටලවාගෙන කාටවත් නොතේරන එන් ජී ඕ වැඩක් කරනවා වගේ තමයි පෙන්නේ.....
මැතිවරණයක් තියන්න ඔයාලගේ හාමු මහත්තයා කැමතිකරවා ගත්තානම් ජනතාව ඔය කාට කාටත් විශ්වාසභංගය පෙන්වාවි......
ජනාධිපතිවරයාගේ කිසිම වචනයක් විශ්වාස කරන්න බැහැ. මේ දවස්වල එතුමගේ කියුම් කෙරුම්වල සුලභව දකින්නට තියෙන්නේ වෛරය,ක්‍රෝධය, අස්ථාන චන්ඩිකම්, අනවශ්‍ය පුරාජේරු වාසි දෙඩවිලි යනාදියත් එක්කම එක්තරා හිතේ චකිතයක්.... රනිල් අගමැතිවෙලා එක පැයකින් ඉල්ලා අස්වෙනවය කිව්වා. දැන් පැය කීයක් ගෙවිලා ගියාද? අනේ අම්මපා, ඒකවත් කරලා පෙන්නුවා නම් අපි එතුමාට අවංකවම ගරු කරනවා.
කට ලාල්කාන්තගේ.. හඬ රනිල්ගේ..
ජනාධිපතිතුමා, මේ මොහෙතේ මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහිව කටයුතු කරන අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ.. ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගයක් සම්මත කරන්න උත්සාහ කිරීම පිටුපස ප්‍රබල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව පැහැදිලියි.
එජාපයට කුමක් වත් කළ නොහැක. වැඩඅධික කෙනෙක්..
හරි ඔබතුමාලා එ්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එතකොට බලාගන්න පුළුවන් කවුද ඡන්දෙ දෙන්නේ කියලා..., මට පෙනෙන විදිහට එක හොඳ අදහසක්..
රනිල්, මහින්ද, මෛත්‍රී යන තුන්දෙනා එකට මගුල් ගෙවල් වල යන එකට කනබොන මිනිස්සු, ඉතින් කොහොමද දෝෂාභියෝග ගෙනත් දිනන්නේ?
අනිවාර්යයෙන්ම දෝෂාභියෝගයක් ගෙන ආ යුතුමයි ..!!!
ඊට කලින් රනිල් හාමු හිරේ දාලා ඉන්න!
ජාවිපෙ කියමනේ සත්‍යයක් ඇත. මොකද ජනාධිපති කලින් කලට වෙනස් වේ. වර්තමාන හැසිරීම නම් බලය රැකගෙන එහි රැඳී සිටීමටත් විය හැක. මන්ද මෑතක සිට ඔහුගේ තාරුණ්‍යයේ ගැමිදිවියේ දුක් කම්කටොලු සහ පවුලේ දුක්බර අතීතය කීමටත් සැදී පැහැදී ඇත්තේ මහජනතාවගේ පැහැදීම සහ හද දිනාගැනීම නොරහසක් විය යුතුය. ඔහු ළඟදී සිට තමන් වර්තමානයේ සිටින ආණ්ඩුව විවේචනය කිරීමත් නිදහස් සමරු උළලේ කවුරුත් නොසිතු ලෙස නිදහස සැමරීමේ කතාව වෙනුවටද ඔහු කළේ ප්‍රසිද්ධියේ රටට, ලෝකෙට පෙනීමට සහ ඇසීමට ඔහු නායකත්වය දරණ වර්තමාන ආණ්ඩුවට දේශපාලනික මඩ ගැසීමකි. එය දේශපාලනික වේදිකාවක් විය. උඩ බලන් කෙලගැසුවා වැනිය. තවද කිවයුත්තේ ජනාධිපති කෙනෙකු පත්වූ විට කුමන දේශපාලන පක්ෂයකින් හෝ වේවා දරණ ධුර කාලය තුල කිසිදු පක්ෂයකට අනුයුක්ත නොවී නිදහස් පුද්ගලයෙක් වීම අනිවාර්ය කල යුතුය. අවසාන වශයෙන් මුලදීමෙන් ඔහු නැවත රාජපක්ෂ පවුල රජ කරයි යන භීතිකාව ඔහු තුල නැතුවා නොවිය හැක. තවද ධන බලය ඇති බාල සහෝදරයෙකුද මෑතක සිට කරලියේ කරනම් ගසයි. අවසානයේ මන්ත්‍රී දයාසිරි කිව්වා සේ අයියෝ සිරිසේන...
ස්ථිර වශයෙන්ම මේකත් කුඩු බිස්නස් කාරයෙක් වෙලා වගේ
මොකෝ මේ? කුඩුකාරයන් ඇල්ලුවම දුකක් වගේ හිතුණද? එතකොට අර බැඳුම්කර කස්ටිය ගැන මොකද මේ කතාවක් නැත්තේ ඔයාලා එයාලට කඩේ යන නිසාද?
ලාල්කාන්ත මහත්තයම යෝජනාව ගේනවා නම් ඉවරයිනේ...
එතකොට රනිල්