( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා නඩු කටයුත්තක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණ අද (7) තීන්දු කළේය.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණයට බලයක් නොමැති බව සදහන් කරමින් අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම ඉවත දමන ලදී.
තවද රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසද අධිකරණය පෙත්සම්කාරියට නියෝග කරන ලදී.
තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැති කොළඹ 12, ශාන්ත බස්තියන් ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කරනු ලැබ ඇති අතර කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තිය යටතේ අභියාචනාධිකරණය වෙත ගොනු කර තිබූ රිට් පෙත්සමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කොළඹ දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ද නැද්ද යන්න පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය ඉල්ලා තිබිණි.
COMMENTS
ඒ කියන්නේ පෙත්සම් ඕනෑ නෑ. අරයට මානසික අවුලක් තියෙනවා කියලා හැමෝම පිළිගන්නවා කියන එකද?
කොයි එකටත් චෙක් කලානම් තමා හොද.
රට කෑලිවලට කඩන්න උත්සාහ කරන සිංහල නායකයින්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළයුතුයි පළමුව...
උසස් නිලතල දරන සියලුම දෙනාට වාර්ෂික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරලා නීති ගෙන එන්න ඕනේ - එහෙම උනොත් විතරයි අපේ රටේ මේ සිදුවෙන පිස්සු වැඩ හුගාක් නවත්තන්න පුළුවන් වෙන්නේ.
නඩුව ගොනු කරපු විදියේ සහ නීතිමය පැත්තෙන් ගැටලුවක් ඇති.
මොහාන් අමුතුවෙන් චෙක් කරන්න දෙයක් නැහැ. මොන පක්ෂයට හරි කඩේ යන්නේ නැති මධ්‍යස්ථ ජනතාව දන්නවා මානසික තත්වය ගැන... කඩේ යන අය ගැන කියලා වැඩක් නැහැ.
ඉතින් කෝකටත් ෆුල් බොඩි චෙක්අප් එකක් කර ගත්තොත් මොකද?
පෙත්සම දාපු අයගේ මානසික තත්ත්වය සොයා බැලිය යුතුයි...............
පළමුව අප මුල් පුරවැසියාගේ ක්‍රියා කලාපය හොදයි කියනවා නොවේ නමුත් ඇයි මේ මුල් පුරවැසියාගේ විතරක් පරික්ෂා කරන්න කතාව ? ඕක කරන්න තිබුනේ මිට වසර කීපයකට පෙර දෙවෙනි පුරවැසියාගේ විශේෂයෙන්ම ආරක්ෂක අංශ, මිලේනියම් සිටි , හෝකන්දර වගේ දේවල් පාවාදීපු අවස්තාවෙම නමුත් ඔය දැන් කෑගහන ගොට්ටෝ එතකොට හිටියේ මොනවද ගිලපු රිලව් වගේ නොවේ ද ? කෙසේ වෙතත් 225 ම සියලුම දේවල් පරික්ෂා කරන එකනම් සුදුසු බව අප සදහන් කිරීමට කැමැත්තෙමු.
මම හිතන්නේ දියවන්නාවේ ඉන්න 225 තමයි ඔලුව කචල් ඔතනට යන්න ඉස්සෙල්ල දෙවිවරු වගේ ඉල්ලන දේ ලබාදෙන්න පොරොන්දු වෙනවා අපිට පන දෙන්න කතාව. ප්‍රතිපත්ති අම්මප ගලේ කෙටුව වගේ ගමනාගමනය කුරු ගෙවෙනකම් ගාත් වලින් ගියාටපස්සේ ඒවා කිසිත් ඇතුල් උණු දවසේ පටන් මතක නෑ. උන් පාරේ යනකොට අපි කානුවලට බහින්න ඕන නැත්නම් වෙන්නේ අපිට අබ සරණයි.
පැමිණිලිකරු මානසික පරීක්ෂාවක් කළයුතුයි.
මේ පෙත්සන්කාරිය රාජ්‍ය නොවන සංවිධානයක බව මුළු ලංකාවම දන්නවා.. එම නිසා ඇයගේ මොලය පරීක්ෂා කළා නම් ගොඩක් හොඳයි.
මෙහිදී පෙත්සම්කාරිය ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් අගමැතිවරයා ලෙස තමුන් රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පදනම් කරගෙන ඔහුගේ මානසික තත්වය පරීක්ෂා කළයුතු බවයි. නමුත් අවසානයේදී ජනාධිපතිවරයාට අගමැතිලෙස රනිල් මහතාම පත්කිරීමට සිදුවිය. එසේ පත් නොකළේ නම් අභියාචනාධිකරණය දෙන තීන්දුව කුමක්ද? ඔහුගේ මානසිකත්වය පරීක්ෂා කළයුතු බවට කළ ඉල්ලීම පිළිගැනීමද? අගමැතිවරයා විදියට මහින්ද මහතා පත්කිරීමට විරුද්ධව ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්කළ පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා. එහෙත් අගමැතිවරයා ලෙස මහින්ද මහතා පිළිගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරය අකමැතිවූවා. එසේ නම් නොමැති අගමැතිවරයෙකුට මොකටද නඩු? මේ රටේ අධිකරණ පද්ධතිය කාගේදෝ බළල් අතකින් පාලනය වන බව මේ පරස්පරතා වලින් පේනවා.
පෙත්සම දාලා තියෙන්නේ ජයවර්ධන කෙනෙක්නේ... එ්ක නිසා හිතාගන්න පුළුවන්නේ.
පෙත්සම දාපු ගොයියාගේ මානසිකත්වය හොඳ නැතිබව පෙත්සමක් නැතිව අපිට කියන්න පුළුවන්... එමනිසා මිනිහාව අංගොඩ පටවමු..
ඔක්කෝටම කලින් තක්ෂිලා ලක්මාලිව පිස්සන් කොටුවට යවන්න.
ඇයි? පිස්සු නැහැයි කියනවද?
"තවද රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසද අධිකරණය පෙත්සම්කාරියට නියෝග කරන ලදී". ඕකට කියන්නේ ඉල්ලන් කනවා කියලද? ඇදගෙන නානවා කියලද?
මහරජ නම් කීපවරක්ම ඉල්ලගෙන කාල ඇදගෙනත් නෑව. මේක නම් නඩු ගාස්තු ගෙවීමක් පමණයි.
මෙයා ගැන අලුතෙන් පරීක්ෂා කරන්න දෙයක් නැහැනේ ..? රටේම මහා ජනතාව ඒ ගැන දන්නවානේ ..?
නඩු ගාස්තු ගැන කලබලවියයුතු නැහැ. ඕව මෙහෙයවන උදවියට රුපියල් ලක්ෂය කජ්ජක්ද? මේ අදහස් දාල තියෙන අයට ඕක නොතේරෙන එක ගැන කනගාටුයි.
[පෙත්සම දාපු ගොයියාගේ මානසිකත්වය හොඳ නැතිබව පෙත්සමක් නැතිව අපිට කියන්න පුළුවන්... එමනිසා "මිනිහාව" අංගොඩ පටවමු..] "මිනිහ කිවුවේ" බමුණාටද? මෙම පෙත්සම ඉදිරිපත් කලේ කාන්තාවක් බව තේරුනේ නැද්ද? ඒකවත් තේරුම් ගන්න බැරුවද මහා ලොක්කෙක් වගේ මේකේ කමෙන්ට්ස් දමන්න එන්නේ? අයියෝ මෙහෙම ඇණයක්..! ලොක්කත් එක්ක වනගතවෙලා භාවනා කරගෙන යන තැනකට වැඩක් කරගෙන හිටියොත් නරකද, බමුණෝ?