(නාලක සංජීව දහනායක)
උද්ඝෝෂණයේ නිරතව සිටින සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයක සංගමයේ සේවකයන් අතරට අද (07) පස්වරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හදිසියේම පැමිණ ඔවුන්ගෙන් කරුණු විමසුවේය.
තමන්ට මුහුණපෑමට සිදුව තිබෙන ගැටලු සම්බන්ධයෙන් එහිදී ඔවුහු ජනාධිපතිවරයා දැනුවත් කළ අතර 2017 වසරේ සිටම එම ගැටලු විසදීමට කිසිවෙකුත් කටයුතු නොකළ බවද එහිදී ඔවුහු පැවැසූහ.
ඔවුන්ගේ ගැටලුවලට සාවධානව ඇහුම්කන් දෙමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ බහුකාර්ය සාධක බලකාය මගින් ලබාදීමට අපේක්‍ෂිත රැකියා ලක්‍ෂයේ වැඩසටහන යටතේ 1300 ක් පමණ වන සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයක සංගමයේ පිරිසටද රැකියා ලබාදෙන බවය.
ජනාධිපතිවරයාගේ රජයට තමන්ගේ පූර්ණ සහය පළකරන බව එහිදී උද්ඝෝෂකයෝ පැවැසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි ජනපතිතුමනි, ඔබේ දැක්ම විශිෂ්ටයි.. මේක තමයි සැබෑ නායකයෙක්ගෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ.. නායකයෙක් වුණාම ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න ඕනෑ මුලින්ම. උත්තරේ මොකක් වුණත් ඒ දේම ගොඩක් වටිනවා. ඔබේ ළඟ ඒ විශිෂ්ට ගුණය තිබෙනවා. අපේ ඡන්දයට වටිනාකමක් දීපු එකම නායකයා ලෙස මම ඔබතුමාට හැමදාමත් ගරු කරනවා.
ව්‍යාපෘති සහායක ජොබ් 7500ක් දෙන්නේ නැද්ද?
ජනාධිපතිතුමනි, ඔබතුමා බොහොම අවදානම් තැනකට ගිහිල්ලා ඇති බවයි ඡායාරුප වලින් පෙනෙන්නේ. අවට උස ගොඩනැගිලිවල ස්නයිපර් කාරයෙක් හිටියා නම් මොකද වෙන්නේ?
යූටර්න් ආණ්ඩුව ඇවිල්ලා මාසයක්, හමාරක් කිසිම උද්ඝෝෂණයක් තිබ්බේ නැහැ. කලින් ආණ්ඩුවට තිබ්බ හැටියට ඇතිවෙච්ච නිශ්ශබ්දතාවය පුදුමාකාරයි. හැබැයි ඒක නිකම් අස්වාභාවික වගේ හින්දා පොහොට්ටුව සංවිධානය කරලා ඊට පස්සේ උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. යූටර්න් ලේකම් කාර්යාලයට ගේනවා. තේ දෙනවා, එක විකාරයයි. උද්ඝෝෂකයින්ගේ එදා සහ අද ස්වරූපය සහ හැසිරීම බලපුවාම හොඳටම පේනවා කවුරු හරි පිටිපස්සේ ඉඳන් කරන වැඩක් කියලා. දැන් මේකත් ඒ වගේ එකක්... පොහොට්ටුවේ නිර්මාතෘ මේ විදිහට බාල ජනප්‍රියත්වය පස්සේ යූටර්න් ජනාධිපතිව දුවවන්නේ ඇමරිකාවට රට පාවාදෙන මහා අපරාධය වහන්න. වහල් ආණ්ඩුව කාලේ රටේ සම්පත් පිටරැටියන්ට විකුණනවා කියලා කෑගහපු හොර දේශප්‍රේමියෝ දැන් ලංකාවේ ඉතා දුර්ලභ සම්පත් ආයෝජකයන්ට කියලා විදේශ රටවලට විකුණන්න යනවා. වෙච්ච එකම වෙනස පොහොට්ටුවේ සහ ඊට සම්බන්ධ වෙනත් දේශපාලන පක්ෂ හැමකම වෙස් මුහුණු ගැලවිච්ච එකයි...
මේක ගෙවලා කරපු රඟපෑමක්...
දැන්නම් ජනතාව අතරට එනවා. තුනෙන් දෙකක බලය අවශ්‍ය නිසා බලය ලැබුනට පසු මේ දේවල් අනිත් පැත්තට කැරකෙන්නේ. කිසිම කෙනෙකුට උපරිම බලය දෙන්න එපා. හැම පාලනයකදීම ජනතාව අපා දුක් වින්දා. තියෙන බලය ඇති රට කරන්න. මේ බලය ඉල්ලන්නේ රටයි ජනතාවයි විනාශ කරන්න. නීතියක් නැති රට පාලකයා වැරදි කෙරුවම අත් අඩංගුවට ගන්න බැරිනම් ඒ කෙනාට බලය දෙන්නේ මොන මෝඩයද? ඉල්ලම් කන්නේ ඇයි? කලින් කාපුවා අමතකද ?
මේ උද්ඝෝෂණ කරන හැම දෙනාටම ආණ්ඩුවේ රස්සාවල් දෙන්න ගියාම මේ අයට වැටුප් දෙන්නේ කොහොමද ? දැනටමත් ආණ්ඩුවේ ආයතනවල සේවකයන් වැඩියි. මේකට හේතුව පත්වෙන හැම ආණ්ඩුවක්ම තමන්ගේ පක්ෂයන්ට රජයේ රැකියා දෙන එක. මේ ක්‍රමය වහාම නැවැත්විය යුතුයි. ඒ වෙනුවට ඵලදායි රැකියා අවස්ථා ඇති කළ යුතුයි.