(රංජන් කස්තුරි)
වැට්බද්ද අඩුකිරීමේ සහනය පොදු ජනතාවට නොලැබීම පිළිබඳව සොයාබලා වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ආණ්ඩුව වැට්බද්ද 15% සිට 8% දක්වා අඩු කළද ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරිකයන් බඩු මිල අඩුකර නැති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවද ජනාධිපතිවරයා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කළ බවද, ඒ අනුව ජනතාවට වැට් සහනය ලබානොදෙන ක්ෂේත්‍ර ගණනාවක් හඳුනාගත් බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ ආදායම් දෙපාර්තමේන්තුවේ අද(17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
පිඟන් භාණ්ඩ, සංචාරත හෝටල්, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල්, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ රෙදිපිළි ආදී ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරිකයන් ජනතාවට වැට් සහනය නොදී වසන් කරන බවද එහිදී කොමසාරිස් ජනරාල්වරයා කීය.
එවැනි ආයතන හා ව්‍යාපාරිකයන් සොයාබැලීමට පරීක්ෂණ කණ්ඩායම් යොදවන බවද ජනතාවට වැට් සහනය ලබානොදෙන්නන්ට එරෙහිව නීති මගින් පියවර ගන්නා බවද නඳුන් ගුරුගේ මහතා පැවසීය.
COMMENTS
දැන් දහසකුත් කාරණා කියයි..
බොරු වැඩක් කරේ ..
ආදායම් බදු නිලධාරින්ගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පගාවට ඕනෙම වැඩක් කරන අය ඔතන ඉන්න බව රහසක් නෙවෙයි.
මේකට කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බෑ.. බදු අඩු වුණාට භාන්ඩවල මිල අඩු කරන්නම ඕනෑ කියලා නීතියක් නෑ. (ස්ථිර මිලක් සහිත ඒවාට නැතුව).. කැමති ගාණකට විකුණන්න පුලුවන්.. පාරිභෝගිකයා තමයි තීරණය කරන්නේ ගන්නවද නැද්ද කියලා..
රජයක් හෝ ජනාධිපති හැටියට නායකයෙකුට කළ හැක්කේ බදුවැනි දෑ අඩු කිරීම පමණි. නමුත් ව්‍යාපාරිකයන් දෙපැත්ත කන්න බලන් ඉන්න හින්දා රජයෙනුත් අරගෙන සාමාන්‍ය පොදු ජනතාවගෙනුත් කන්න බලන් ඉන්නේ. අතරමැදියා තර වෙන එක අහන්නත් දෙයක්ද?
අර වැට් බදු වංචාවට මොකද වුණේ..?
මේවා ඔක්කොම බොරු සෝබන කතා විතරයි.